රෝග වැළැක්වීම සහ නිවාරණයට අදාළ වැඩසටහන් වඩා පුළුල් හා ප්‍රවර්ධනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ප්‍රතිකාර අංශ ශක්තිමත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව අය වැයෙන් විශාල මුදලක් වෙන් කරමින් එම අංශ ශක්තිමත් කර ඇති නමුත් රෝග වළක්වාගැනීම සහ නිවාරණයට අදාළ ව ගෙන යන වැඩසටහන් ප්‍රමාණවත් මට්ටමක නොවන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති හදිසි වෛද්‍ය ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සමාරම්භක උලෙළ අමතමිනි.
වෛද්‍ය, හෙද සේවාවල විශාල පිරිසක් වාර්ෂික ව විදෙස් සේවා සඳහා පිටත්ව යාම හේතුවෙන් මෙරට වෛද්‍ය හා හෙද සංඛ්‍යාව ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරිමට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ගැටලුව කෙරෙහි ද සියලුදෙනාගේ කඩිනම් අවධානය යොමු වීමේ වැදගත්කම පැහැදිළි කළේය.
