රූපලාවණ්‍ය වෙළෙඳපොළට කඩා වැදීමට ඉන්දියාවට ඉඩ දෙන්නේ නැහැ - විමල්
රූපලාවණ්‍ය ක්ෂේත්රයෙන් කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම, කිසිසේත්ම ඉඩ නොදිය යුතු ක්‍රියාවක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති නැචුරල් සැලෝන් ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යගාර 700ක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අවශ්යල පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකචී අමාත්‍යවරයා මේ බව ඊයේ (03දා) සඳහන් කළේය.
“පසුගිය කාලයේ විශාල ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පළ වුණා ඉන්දියාවේ නැචුරල් සැලෝන් ආයතනය ශ්‍රී ලංකාව තුළ රූපලාවණ්‍යගාර 700 ක් පිහිටුවීමට යන බව මේ වනවිටත් එවැනි රූපලාවණ්‍යගාර අටක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති බවත් දැන ගැනීමට ලැබුණා.
එවැනි පසුබිමක් තුළයි ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයන් මා සමග සාකච්ඡුාවකට පැමිණියේ ඔවුන්ගෙන් මා වෙත ඉල්ලීම් දෙකක් ඉදිරිපත් වුණා. පළමුවැන්න මේ රටේ රූපලාවණ්‍ය හා කේශාලංකරණ ක්ෂේත්රයේ රැකියාවන්හි නිරත හාර ලක්ෂයකට අධික පිරිස පිළිබඳ වගකියන රාජ්‍ය ආයතනයක්, ඒ පිළිබඳව අධීක්ෂණය කරන රාජ්‍ය යාන්ත්‍රණයක් මෙතෙක් නැහැ, ඒ නිසා එවැනි අධිකාරියක් පිහිටුවන්න කියන ඒ ඉල්ලීම අපි ඉතා ධනාත්මක පිළිගත්තා.
ඒ අනුව අමාත්‍යාංශය ඒ පිළිබඳව අධ්‍යනයක නිරත වෙනවා. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලට මෙවැනි රාජ්යා යාන්ත්රනණ තිබෙනවා.
දෙවැන්න තමයි ඉහත කී ඉන්දියානු රූපලාවණ්‍ය ආයතන පිහිටුවීම නතර කිරීම. පසුගිය ආණ්ඩුව කාලයේ ආයෝජන මණ්ඩලය මගින් ලබාදුන් අනුමැතියත් අනුව තමයි මේ ඉන්දීය රූපලාවණ්ගාරය පිහිටුවීම සිදුවන්නේ. දැනට අටයි, දිගටම ක්‍රියාත්මක වුවහොත් එය 700ක් දක්වා ව්‍යාප්ත වේවි. අපේ රූපලාවණ්‍ය ක්ෂේත්රයේ මේ කලාපයේ ඉදිරියෙන්ම සිටින රටක්. අපේ රූපලාවණ්‍ය ශිල්පීන් ජාත්‍යන්තර මට්ටමින් සිය දක්ෂතා දක්වා තිබෙනවා.
ඒ නිසා මේ රූපලාවණ්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයින් කඩාවැදීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලය තුළ මේ පිළිබඳ සාකච්ඡා කරලා දේශීය රූපලාවණ්‍ය ශිල්පීන්ට එල්ලවන මේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්න, කැබිනට් මණ්ඩලයෙන් ඉදිරියේදී මේ පිළිබද අවසන් තීරණය ගන්නවා.”
-
Kumar Saturday, 04 January 2020 08:53 PM
නෝනලා ලස්සන වෙනවට විමල් මහත්තය තරහද? රුපලාවන්‍ය සැල් 700 යේ වැඩකරන්න ඉන්දියාවෙන් එන්නේ නැහැ නේද? විමල් මහත්තය තව ඉන්නේ ලිඳක් ඇතුලේ වගෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

