රුපියල් මිලියන 2ක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව කරනු ලැබූ දීර්ඝ විමර්ශනයක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
නාරම්මලදී අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 54ක් වන රහමාන් ෆවුසර් යන අයෙකි. සැකකරු අද (12දා) කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
