ඉන්දියාවෙන් පසුගිය සතියේදී ආනයනය කළ රුපියල් මිලියන 1360ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රක් ටොන් විසි දහසක් (20 000 ක්) මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
එළඹෙන දෙසැම්බර් මාසය ආරම්භ වන විට තවත් නාඩු සහල් මෙට්‍රික් ටොන් පනස් දහසක්ද (50 000 ), සම්බා සහල් මෙට්‍රික් ටොන් තිස් දහසක්ද (30 000), සුදු කැකුළු මෙට්‍රික් ටොන් පනස් දහසක් ද (50 000) ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන බවත්, වෙළෙඳ පොළේ කිසිදු සහල් හිගයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රු. 65 කටද නාඩු සහල් කිලෝවක් රු. 74කටද, සම්බා සහල් කිලෝවක් රු. 78 කට ද ලංකා සතොස අලෙවි කරන බවත් අමාත්‍යවරයා පවසයි.