රුසියාවේ නිර්මාණය කරන ලද විශේෂ යන්ත්‍රයක් ජනපතිට පිළිගන්වයි
රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා මෙම නව තාක්ෂණික උපකරණය ආචාර්ය Evgeny Usachev මහතාගේ නිර්මාණයකි.
ආචාර්ය Evgeny Usachev මහතා විසින් යන්ත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වු අතර රුසියානු විද්‍යාඥ Olgo Usacheva ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති Yury B. Materiy ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අතුල දවුලගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
ගමගේ Wednesday, 28 August 2019 05:30 AM
අපේ යන්තර රුසින්ලට වඩා ප්‍රබලයි. යන්තර නොවෙයි මන්තරත් ඇඩ් කරලා ගන්න තිබ්බ අර සීනිගම ගරි වෙන ගම්ම්බරි දේවාලයට ගියානම්. මොලේ පාලු හාදයෝ සහ දරු පවුල් හැත්ත දේශපාලනය රස්සාව කර ගනිපු රටක් අහෝ කොහොමද මේ හොර වනචර තක්කඩි යන්ගෙන් බේරාගන්නේ.
Reply : 0 0
kapila Wednesday, 28 August 2019 08:22 AM
කමිටු වාර්තා වලට වන දේ මේකටත් වෙයිද? ජනාධිපති මන්දිරයේ කබඩ් එකකට දාල වහල දමයි.
Reply : 0 0
bandara Wednesday, 28 August 2019 11:46 AM
මගේ කමෙන්ට් එක දන්නේ නැද්ද? ඇත්තනේ කීවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

