රිෂාඩ් ඉන්න ආණ්ඩුවක අපි නෑ - ගම්මන්පිල
ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ඉදිරි ආණ්ඩුවක් සඳහා කවුරුන් සම්බන්ධ කරගන්නේද, නොගන්නේද යන්න පිළිබඳ තීරණය පක්ෂ නායකයන් සතු වුවද රිෂාඩ් බදියුදීන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක තම පාර්ශ්වය නොසිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී අද (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයේ සහාය ලබාගන්නා අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා කීය.
"අපි දැක්කා අගමැතිතුමන්ට තෙලෙන් බැද්දත් කොබෙයියා කියන රබන් පදය මතක් වෙලා තිබුණා. ඕක ඉතින් මම දෙසතියකට පමණ පෙර කිව්ව රබන් පදය. ඒ නිසා අගමැතිතුමා කියූ රබන් පදයට අපිත් කැමති ඒ රබන් පදයෙන්ම උත්තර දෙන්න. 'රනිල් ආවාත් කොබෙයියා. සජිත් ආවත් කොබෙයියා. කරු ආවත් කොබෙයියා. කවුරු ආවාත් කොබෙයියා. කොබෙයියා බොල කොබෙයියා'. එජාපයෙන් කවුරු ආවත් එකම ප්‍රතිඵලයමයි."
මාධ්‍ය - ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා වැනි පුද්ගලයන් භාරගැනීමට ඔබතුමන්ලා සූදානම්ද?
මන්ත්‍රීවරයා- කාවද ගන්නේ කාවද නොගන්නේ කියන එක පක්ෂ නායකයන්ගේ වැඩක්. නමුත් අප ඉතා පැහැදිලිවම කියලා තියෙනවා රිෂාඩ් බදියුදීන්ලා සිටින ආණ්ඩුවක අපි ඉන්නෙත් නෑ කියලා. රිෂාඩ් බදියුදීන්ලාගේ සහාය ලබාගන්නා ජනාධිපති අපේක්ෂකයෙකුට අපි සහාය දෙන්නෙත් නෑ කියලා. අපේ ස්ථාවරය අදටත් ඒ ලෙසින්මයි
මාධ්‍ය - රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක වැනි අමාත්‍යවරුන් ගැන මොකද කියන්නේ ?
මන්ත්‍රීවරයා- ඒ අය ගන්නවද නැද්ද කියන එක නායකයන්ගේ වැඩක්. ඒ අය මොන පැත්තේ හිටියත් රටේ නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ට කළ වරදට දඬුවම් ලබාදෙනවා. ආණ්ඩුවේ සිටීම මුක්තියට කාරණයක් වන්නට ඉඩ තියන්නේ නැහැ

popular news
-
dilal Monday, 12 August 2019 09:51 PM
ගෝඨාභය මහතා හදන්නේ දුෂිතයන්ගෙන් තොර ආණ්ඩුවක්.
Reply : 0 0
Saththaya Tuesday, 13 August 2019 09:26 AM
මොකුත් කප්පමක් ලැබුනේ නැද්ද ? එහෙනම් නොගියට කමක් නැහැ .
Reply : 0 0
Dayan Tuesday, 13 August 2019 11:58 AM
රිෂාඩ් මේ රටේ කෙනෙක් නෙමෙඉද? දෙසපලුවෝ කවුරුත් හොරු තමා.
Reply : 0 0
Champa Tuesday, 13 August 2019 04:04 PM
ගෝඨාභයගේ කතාවේ කොහවත් නැහැ සිංහලයන් ගැන හෝ බෞද්ධයන් ගැන. සම්බුද්ධ සාසනය ආරක්ෂා කරනවා කියල කොහෙවත් කියල නැහැ.කොන්දක් නැහැ ඒක කියන්න. දෙමල මුස්ලිම් චන්ද නැතිවෙයි කියල බයයි. රටට තියෙන ලොකුම තර්ජනය වහබ්වාදය කියල ඕගොල්ලෝ හාමුදුරුවරු එක්ක රට දෙවනත් කළා. කෝ ගෝඨාභය කිව්වද වහබ්වාදය නැති කරනවා කියල. කෙලින් කියන්න බයයි. කෝ කිව්වද SOFA, VFA අත්සන් කරන්නේ නැහැ කියල? ඒවට විරුද්ධ නම් පලවෙනි කතාවේදීම ඕවා කියන්න තිබ්බනේ. ඇමරිකන් ගැත්තෙක් කවදාවත් ඒක කියන්නේ නැහැ. ගෝඨාභයට කඩේ ගියපු හාමුදුරුවරු කිව්වේ නම් කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

