රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට ජවිපෙ පක්ෂයි
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
බත්තරමුල්ලේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (27දා) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බැවින් තේරීම් කාරක සභාවක් පෙන්වා විශ්වාසභංගය කල් දැමීමේ කිසිදු නීතිමය ප්රතිපාදනයක් හෝ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නැති බවද පැවැසීය.

popular news
-
anura Tuesday, 28 May 2019 01:49 PM
යන්තම් ජාම බෙර ගත්ත
Reply : 0 0
rocky Tuesday, 28 May 2019 02:02 PM
මොහුට විතරක් නෙවි, දතාටයි, මොංගල් උන්නේහෙටයි එරෙහිව විස්වාස භංග ගෙනල්ලා ඒ දෙන්නවත් භංග කර දැමීම සුදුසුයි!
Reply : 0 0
ajith Tuesday, 28 May 2019 02:48 PM
ඕක කියන්න ගිය කාලයක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

