ආපන ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව සිදුකළ පැමිණිල්ලකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැය දෙකක ප්‍රකාශයක් අද (13දා) ලබාදුන්නේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හා සතොස ආයතනයට බලපෑම් කර මහජන මුදල් විනාශ කර තිබීම සම්බන්ධව බදියුදීන් මහතාට විරුද්ධව තමන් පළමු පැමිණිල්ල සිදුකළ බවත්, එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශය ලබාදුන් බවත් අසේල සම්පත් මහතා පැවසීය.
රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පැවැති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාසැල් ළමුන් අතරේ මත් පෙති හා ශරීරයට අහිතකර ටොෆි වර්ග අලෙවිය සම්බන්ධව සොයා නොබැලීම , බදියුදීන් මහතා යටතේ පැවැති සතොස ආයතනය තුළ මත්ද්‍රව්‍ය තිබී හමුවීම, එම ආයතනය කෝටි ගණන් වැය කර පරිභෝජනයට නුසුදුසු සහල් ගෙන්වා තිබීම සම්බන්ධව තමන් දන්නා තොරතුරු පරීක්ෂණ නිලධාරින්ට ලබාදුන් බවද ඔහු සඳහන් කළේය.
