රිෂාඩ්ගෙන් විමල්ට අභියෝගයක් - කෝටි 100ක වන්දියකුත් ඉල්ලයි
තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතා අභියෝග කළේය.
අද (11දා) කොළඹ පිහිටි සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ඔප්පු කොපි සිය ගණනක් CID යට හම්බවුණා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. CID පරීක්ෂණයක් තිබෙනවානම් ඒක ඉවරවෙන්න කලින් මේවා කියන්න එතුමා පොලිස් ඇමතිවරයද?
එහෙම නැත්නම් CID එක්ක හොර සබඳතාවක් තිබෙනවාද? මම එතුමාට අභියෝග කරනවා CID දාලා පරීක්ෂණ කරන්න මට එහෙම ඔප්පු දහස් ගණන් සිය ගණන් නෑ.
ඡන්ද කාලේදී මට විරුද්ධව කථා කරන ඇමතිවරු ඉන්නවා. ඒ වගේ ඉඩම් තියෙනවානම් දූපතක් තියෙනවානම් ආණ්ඩුවට පවරා ගන්න කියලා මම කිව්වා.
මේ වගේ චෝදනා කරද්දී හරියට බලාලා කියන්න ඕන. සතොස භාණ්ඩ ගනිද්දී ගුණාත්මක නොවන භාණ්ඩ ගත්තා කියලා චෝදනා කරනවා. මට ආයතන 42ක් තිබ්බා. මේ වගේ චෝදනාවක් ආවේ නෑ.
මේ භාණ්ඩ ගන්නේ කමිටු පත්කරලා, ගුණාත්මක බව බලලා. එතුමා මම ගැන සිංහල ජනතාවට බොරු කියනවා. සතොස වාහන සහරාන්ට දුන්නා කිව්වා. මේවා ඔප්පුකරන්න පුළුවන්. දැන් ආණ්ඩුව ඇවිත් මාස තුනක් වෙනවා. මාව හිරේ දාන්න පුළුවන්නේ.
එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා.”

popular news
-
Kumar Tuesday, 11 February 2020 08:20 PM
ඇමෙරිකාවේ ඕනෑම කෙනෙකුට බැංකු ගිණුමක් ඇරඹීමට අවශ්‍ය තාවයන් කිහිපයක් තිබෙනවා. මුලින්ම තමන් ළඟ social security number එකක් තිබෙන්න ඕනෙ. තමන් ළඟ ප්‍රන්තයෙන් නිකුත් කල හඳුනාගැනීමේ පතක් හෝ රියදුරු බලපත්‍රයක් වැනි හඳුනා ගැනීමේ දෙයක් තිබෙන්න ඕනෙ. ඇමෙරිකාවේ ස්ථිර පදින්චිකෙනෙක් හෝ ශිෂයෙක් නම් මෙරට බැංකු ගිනුමක ආරම්බ කරන්න පුළුවනි. අති විශාල මුදලක් තැන්පත් කල අවස්ථාවකදී බැකුව අදායම් බදු සේවයට දැනුම් දෙන්න ඕනෙ. එසේ නොකලොත් බකුවට ලොකු දඩයක් ගෙවන්න වෙනවා. මට පෙන්නේ ඔය කථාව මඩ ගැසීමක් වගෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

