රාවණ ගැන ගවේෂණය කළ ආචාර්ය මිරැන්ඩෝ සමුගනියි
රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19දා) අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 21 දින මාතලේ ගලේවෙල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.
1940 වසරේ බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේදී තිලක් රවීන්ද්‍රනාත් මිරැන්ඩෝ ඔබේසේකර නම් උපත ලැබීය.
රාස්සගල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මිරැන්ඩෝ ඔබේසේකරයන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලැබීය.
මෙරට ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක පර්යේෂණ ග්රන්ථ කතුවරයකු ලෙස බොහෝදෙනෙකුගේ ජනාදරයට ඔහු පාත්රවිය.
සීගිරිය කාශ්‍යප රජු නිර්මාණය කළ එකක් නොව වීශ්‍රවමුනි නම් වූ රාවණා රජුගේ පියා විසින් නිර්මාණය කළ එකක් බව ඔහු මෑත කාලයේ රට පුරා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහුගේ දේහය මේ වන විට මාදිපොල තලකිරියාව නිවසේ තැන්පත් කොට තිබේ.


popular news
-
Champa Thursday, 20 February 2020 06:48 PM
රාවණා ගැන බොහෝ පොතපත ලියූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ අභාවය ගැන මගෙත් බලවත් කණගාටුව. හැබැයි සිගිරිය ගැන කියපු කතාව හරි. ඒ මොකොද කිව්වා නම් ඉතිහාසයේ කොතනකවත් සිගිරිය හැදුවේ කාශ්‍යප රජතුමා කියල ලියවිලා හෝ ජනප්‍රවාද වල හෝ නැති නිසා. ඉතිහාසයේ තියෙන්නේ කාශ්‍යප රජ්ජුරුවෝ සිගිරිය තමන්ගේ රාජධානිය කරගත්ත කියල. ඒ කියන්නේ ඒ වෙනකොට සීගිරියේ රජ කෙනෙක් සහ සේනාවකට සිටිය හැකි තරම් ලොකු මාලිගාවක් තිබිල තියෙනව කියන එක. හැබැයි මිරැන්ඩෝ මහත්මය කාගේදෝ ඉගැන්නුම් බහකට මම හිතනවා මේ ලඟදි වැරදි දෙයක් කිව්වා. ඒ තමයි රාවණා රජ්ජුරුවන්ගේ පුතා රත්නපුර පළාතේ නැවත ඉපදිලා ඉන්නවා ඔහු දේශපාලනයට එන්න ඉඩ තියෙනව කියල. මේ දවස්වල රාවණාගේ මෘත ශරීරය තමන් ළඟ තියෙනව කියන විජය හොරාගේ පරපුරේ සිංහලයෙකුත් ඉන්නවා. ඒ පොල් බොරු කතාවට දෙන ප්රචාරයේ හැටියට නම් කැලණියේ බොරු නාග ධාතු පෙන්නුවා වගේ පෙට්ටිගල ඉඳන් රාවණාගේ කියල බොරු මෘත ශරීරය තියෙන පෙට්ටියක් කියල එකක් ගේන්න ඉඩ තියෙනව මහ චන්දෙ ලං කරලා.
Reply : 3 25
rocky Thursday, 20 February 2020 07:23 PM
මොහුගේ අභාවය ගැන සෝකය පල කරමි. එහෙත් ඔහු රාවනා ගැන ඉතිහාසය ලෙස ඉදිරිපත් කලේ අසාස්ත්රිය මිත්‍යා කතා බව නොකියාම බැරිය. රාමායනය ගැන පවා ඔහුට හොඳ අවබෝධයක් නොතිබුන බව ඔහුගේ ලියවිලි වලින් පැහැදිලිය.
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
