රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි - ඇමති ජෝන්
ශ්‍රී ලංකාවේ හෝටල තුළ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ඒ හරහා තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට ආකර්ශනය කර ගත හැකි බවත් සංචාරක සංවර්ධන, වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ඊයේ (12දා) කොළඹ පැවැති සංචාරක මණ්ඩලයේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"ඉන්දියාව අපිට වැදගත්. ඔවුන් ශ්‍රී ලංකාවට එනවනම් අපිට වෙනත් කෙනෙක් මත යැපෙන්න ඕන නෑ. ඔවුන් ආකර්ශණය කර ගැන්නේ කෙසේද කියා සිතා අපි වැඩකළ යුතුයි.
අපි චීනය හා වෙනත් රටවලටත් යනවා. සැකයක් නෑ අපේ කැසිනෝ ආකර්ශනීයයි. ඉන්දීය බලධාරීන්ගෙන් මට ලැබෙන පැමිණිල්ල තමයි කොළඹ හා පිටත විනෝදාස්වාදය සඳහා ප්‍රමාණවත් ස්ථාන නොමැති බව.
මම මේ ගැන හෝටල් සංගමයට කිව්වා. ඒ අය රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතුයි. මම දන්නේ නෑ ඒ අය මොකද එය කරන්නේ නැත්තේ කියා. මේ තරුණ ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණීම ආකර්ශනය කර ගැනීමට එක් අවස්ථාවක්.”

popular news
-
Appu Thursday, 13 June 2019 02:44 PM
How about a red light district? Can atract more.
Reply : 0 4
කපිල Thursday, 13 June 2019 03:45 PM
අගරදගුරු තුමනි, මෙන්න අපේ සංස්කෘතිය විනාශ කරන කෙනා.
Reply : 0 3
Champa Friday, 14 June 2019 10:14 AM
ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයාට කොන්දේසියක් දාන්න ඕනේ සිංහල බෞද්ධ චන්ද දෙන්න නම් කැසිනෝ බලපත්‍ර සහ රාත්‍රී සමාජ ශාලා සියල්ල අවලංගු කල යුතුයි කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

