රාජිත සේනාරත්නගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න අපි ක්‍රියා කරනවා - රංජිත්
සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (13) අද පුවත්පතට පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
දෙකෝටි විසි එක් ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බැඳී සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉතාමත්ම නොවැදගත් වැඩ පිළිවෙලක නිරතව තියෙනවා.
මේ රටසෞඛ්ය බරපතළ අනතුරක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් දිගින් දිගටම ජනතාව හමුවේ මේ කරුණු කියලා තියෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම ඖෂධ වර්ගවල මිල සම්බන්ධව ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක කරන මේ කාලසීමාව තුළ මේ ඖෂධ මාෆියාවට සහයෝගය සහ උපදෙස් සපයන ප්‍රධාන කෙනෙක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හඳුනාගෙන තියෙනවා.
ඔහු විසින් පත්කරන ලද ඇතැම් නිලධාරීන් විසින් ඉතාම වංචනික ආකාරයට මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම නෙවිල් ප්‍රනාන්දු රෝහල රාජ්‍ය සතු කළා. ජනසතු කළා කියන ව්‍යාජ ප්‍රවෘත්තියක් වන රුපියල් බිලියන පහක් ජනතා මුදල් අවභාවිතා කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම යටතේ මෙන්න මේ වගේ මහා අපරාධයක් ජනතාවගේ ජීවිත පිළිබඳව භයානක ආකාරයේ ක්‍රියා කිරීම සම්බන්ධව රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කළ යුතුයි.
ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ මේ කරුණු අනාවරණයය වෙමින් තිබෙනවා. මේ පරීක්ෂණයෙන් පසු අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි කියන එක අපි යෝජනා කරන අතරම ඔහුට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට තීරණය කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
බලන්ගොඩ - රෝහණ වසන්ත

popular news
-
Dayan Thursday, 13 June 2019 02:01 PM
වෛද්‍ය නිලධාරී සංගමය මෙයාලගේ බළල් අතක්. බොරුවම තමා කාගේත්. කවදා මේ රට මනුෂ්‍ය වාසයට ගැලපෙන රටක් වේද?
Reply : 0 6
deepika Thursday, 13 June 2019 04:09 PM
රජිත් කියන්නේ ලංකාවේ හිටපු කිසිම වෙද ඇමතියෙක් නොකළ සේවාවක් රෝගීන් වෙනුවෙන් හා නිදයස් වෙද සේවාව වෙනුවෙන් කල අයෙක් බව අමතක නොකරන්න.
Reply : 7 37
චමින්ද Thursday, 13 June 2019 06:27 PM
රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසිකරන්න හදන්නේ මෙරටේ තිබුන ඖෂධ මාපියාව අහෝසිකල නිසාද .රාජිත සිදුකල බෙහෙත්මිළ අඩුකිරීමෙන් ජනතාවට ජීවත්වීමේ අයිතිය ලැබුන අතර අසාධ්‍ය පිළිකා වැනි රෝගීන්ටද ජීවත්වීම සම්බන්ධව සුලු හෝ බලාපොරොත්තුවක් ඇතිවිය.නමුත් බෙහෙත් වෙළඳාමෙන් සම්පත් සෙවූ නුඹ කියූ සංගමේ උන්දැලාටනම් සිදුවුනේ බරපතලම පාඩුවක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

