වසර 2020 වන විට ශ්‍රී ලංකාවේ රජයේ සේවක හා වැටුප් වියදම ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියනය ඉක්මවා යන බවත් එය ආර්ථීකයට අනතුරක් බවත් පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ පවසයි.
ජනාධිපති අපේක්ෂකයන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ කෙරෙහි තේරුමක් ඇති යෝජනා ඉදිරිපත් කළ යුතු බවත් බලයට පත් වීමෙන් පසු රාජ්‍ය සේවක වාර්ෂික වැටුප් පිරිවැය ගැන බලවත් සැලකිල්ලට ගත යුතු බත් ඔහු පවසයි.
2019 වසරේ අය වැය මගින් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කරන ලද මුදල රු. බිලියන 685 ක් බවත් මෙම වසරේ ඉහළ නංවන ලද වැටුප් වෙනුවෙන් අතිරේකව රු. බිලියන 120 ක් සමග එය රු. බිලියන 805 ක් වනු ඇති බවත් මිලින්ද මොරගොඩ මහතා පවසයි.
සංශෝධන වලට පසු විශ්‍රාම වැටුප් වියදම තවත් රු. බිලියන 212 කින් ඉහළ යන අතර බවත් 2020 වසරේ දී එය රු. බිලියන 235 ක් දක්වා වැඩි වනු ඇති බවට ගණන් බලා ඇති බවත මිලින්ද මොරගොඩ මහතා පවසයි.
මේ අනුව ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ රජයේ සේවක හා විශ්‍රාම වැටුප් වාර්ෂික වියදම රුපියල් ට්‍රිලියනය ඉක්මවන බවත් ආර්ථීක වර්ධනය සීමා වී ඇති පසුබිමක එය දරාගත නොහැකි තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දෙයි.
