රාජ්‍ය සේවක වැටුප් හා දීමනා වැඩි කළේ ආර්ථකයට දරා ගත හැකි අයුරිනුයි
රටේ ආර්ථිකයට දරාගත හැකි අයුරින් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඉහළ නැංවිය යුතු බවත්, ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේගයේ රජය එම වගකීම ඉටු කරමින් සිටින බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන මඟින් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීම සහ ප්රතිලාභ පිරිනැමීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
වත්මන් රජය යටතේ 2025–2027 වසර තුනක කාලය තුළ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 64ත් 80ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
