රාජ්‍ය සේවක වැටුප් අනතුරේ - එජාපය
2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරන්නේ නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි.
කඩනමින් නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපතිවරයා බලකරන බවත් එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙයි.
නීත්‍යානුකුල රජයක් පත්කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා නොකිරීම නිසා දශලක්ෂයක් පමණ වන රාජ්‍ය සේවකයින්ට ජනවාරි සිට වැටුප් ගෙවීමට නොහැකිවේ .
— UNP (@officialunp) December 11, 2018
කඩිනමින් නීත්‍යනුකුල රජයක් පත්කොට ජනතාව අපහසුතාවයට පත්වීම වලක්වන ලෙස අපි ජනාධිපතිට බලකර සිටී.#lka #SriLanka #coupLK
popular news
-
Champa Tuesday, 11 December 2018 04:28 PM
ඇයි මොකොද රජයේ සේවකයන්ගේ විතරක්? ඒ කියන්නේ එතකොට ජනාධිපතිටයි මන්ත්රීවරුන්ටයි වැටුප් හරියට ලැබෙනවා කියන එකද? එහෙම කොහොමද? ජනාධිපතිගේ සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ඔක්කොමත් අනතුරේ වට්ටන්න ඕනේ. සාධාරණයක් තියෙන්න එපෑය මෙතන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
