රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක්
රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් නම් කිරීමට රජය කටයුතු යොදා ඇත.
ජූලි 1වෙනි දින සිට ජුලි5 වෙනි දින දක්වා විශේෂ තේමා යටතේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සතිය ක්‍රියාත්මක කෙරේ .
ඒ අනුව ජූලි පළවෙනි දිනය රාජ්‍ය භාෂා දිනය ලෙසත් ජූලි දෙවැනි දින රාජ්‍ය භාෂා පාසල් දිනය ලෙසත් ජුලි තුන්වැනි දින රාජ්‍ය භාෂා මහජන දිනය ලෙසත් ජූලි 4 වන දිනය රාජ්‍ය භාෂා යොවුන් දිනයේ ලෙසත් ජූලි පස් වැනි දිනය රාජ්‍ය භාෂා සමාප්ති දිනය ලෙසත් නම් කොට තිබේ.
ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මෙම භාෂා දින සතිය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් හඳුන්වා දි තිබේ.

popular news
-
ලසන්ත Wednesday, 26 June 2019 07:11 AM
ප්රතථිපත්තියක් ලෙසට 5 වසර සමත් සෑම සිසු සිසුවියන්ටම සිංහල.දෙමළ හා ඉංග්‍රීසි භාෂා ඉගනීම අනිවාර්යය කරන්න.සාමාන්‍ය පෙළ විභාගයටත් අනිවාර්යය කරන්න. වර්තමානයේ පාසැල්වල ඉංග්‍රීසි ඉගැන්වීම වුවත් හරියටනම් කරන්නේම නැහැ ත්‍රිවිධ භාෂාවන්ම අනිවාර්යය කලොත් එක් විෂයයක් වැඩිවෙනවා තමයි.නමුත් රටට සිදුවන සේවය ඉතාම විශාලයි රජයේ රැකියා දෙනවිට ත්‍රිවිධ භාෂාව හොඳින් දන්නා අයට ප්රමුඛත්වයක් දෙන්න එසේ නැතිව වසර අවසානයේ මුදල් අවසන් කිරීමට කරන මෙම කාර්යයන් ප්‍රථිපල දායක නැහැ ඉල්ලීම නිසා අදහස් එවනවා බොහෝවිටම පලකරන්නෙ නැහැ කණගාටුයි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

