රාජ්‍ය තනතුරු පත්කිරීමේදී පක්ෂාග්රාහිත්වය බෑ - ජනපති
යහපාලන රාජ්‍ය සංකල්පය කි‍්‍රයාත්මක කිරීමේ දී යම් තනතුරක් සඳහා පත්වීම් ලබාදෙන විට අපක්ෂපාතීව එම පත්කිරීම් සිදු කිරීමට තමා සියලු ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම 30% -32% අතර පවතින රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගනිමින් රටේ හෙට දවස වෙනුවෙන් වූ අභියෝග ජය ගැනීමට කටයුතු කිරීම වැදගත් බවද ජනපතිවරයා සඳහන් කළේය.
අඩවි වන නිලධාරීන්, බීට්ටු වන නිලධාරීන්, වන ව්‍යාප්ති නිලධාරීන් සහ වන ක්ෂේත්‍ර සහකාරවරුන් වශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පත්වීම 310 කට වැඩි ප්‍රමාණයක් ප්රදානය කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ පැවැති උත්සවයකදී ජනපතිවරයා මේ බව අද (12දා) පැවැසිය.

popular news
-
Champa Friday, 12 October 2018 08:54 PM
මේවාට තමා හතර හිනා කියන්නේ. අවුරුදු 4ක් කිට්ටු වෙන්න එනකොට යහපාලනය මතක් වෙලා. ආපහු දවසේ ඉඳලම මේ ගොල්ලෝ කලේ FCID දාල රාජ්‍ය නිලධාරීන් බය කරපු එක. කී දෙනෙක් දාල යන්න ගියාද? අනිත් එක පටන් ගත්තෙම අග්‍ර විනිශ්චයකාරයව කොළ කෑල්ලකින් ගෙදර යවල. 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරය හිමි අගමැති ඉන්දත්දී ආසන 50ක් වත් නොතිබ්බ විපක්ෂ නායකව අගමැති කලේ අඩු ගානේ නීත්‍යානුකූල අගමැතිට දැනුම් දීලාවත් නෙමේ. මේවා තමා දීපු ආදර්ශ.
Reply : 0 0
Champa Friday, 12 October 2018 08:58 PM
භාරකාර ආණ්ඩුවකට JO එකේ ඉන්න ගෝඨාභයගේ පිරිසයි බැසිල්ගේ පිරිසයි දෙගොල්ලොම එක වගේ බැහැලාම කැමති වුනේ එතන මොකක් හරි ලොකු catch එකක් තියෙනවා කියල මම කිව්වා. මේ ගැන CT news item එකකුත් තිබුන. මම මුකුත් ලිව්වේ නැහැ ඒ මොකොද කිව්වා නම් පහර වදින්නේ අහක ඉන්න හිටපු ජනාධිපතිතුමාට නිසා. රටම පුදුම කරමින් මෙච්චර කල් රිවල්ස් ලා වගේ හිටපු ගෝඨාභය, ජනාධිපතිකමට බැසිල්ගේ නම යෝජනා කලෙත් මොකොද කියල දැන් තේරෙනව. අර ලොකු catch එක මොකක්ද කියලා දැන් තේරෙනවා අග්‍ර විනිශ්චයකාරයාගේ පත්වීම ගැන බලපුවහම සහ ඒකට කලින් යෝජනා කරලා තියෙන නම් බලපුවහම. ජනාධිපති කෙලින්ම හෝ SB හරහා භාරකාර ආණ්ඩුවක් හදන කතාවට බැසිල් සහ ඒකාබද්ධ විපක්ෂය bargain කරලා තියෙන්නේ මොකක්ද කියලා ඕන මිනිහෙක්ට "දැන්නම්" තේරෙනව ඇති. ලැජ්ජයි. මේ පාරත් වුනේ අර විශ්වාස භංග යෝජනාවට වුනා වගේ. ඒකාබද්ධ විපක්ෂේ පල් වුන. ජනාධිපති දෙපැත්තෙන්ම ලකුණු දාගත්ත.
Reply : 0 0
Champa Friday, 12 October 2018 09:14 PM
ගෝඨාභය බැසිල් දෙන්නම වැඩ කරන්නේ ආත්මාර්ථකාමය වෙනුවෙන්. මේක මම කිහිප සැරයක්ම කියලා තියෙනව මේ දෙන්නගේ ලනු කන්න එපා කියලා කොච්චර කිව්වත් ඒකාබද්ධ විපක්ෂෙයි හිටපු ජනාධිපතිතුමයි දෙන්නම අහන්නේ නැහැ. එතුමාව විතරක් නෙමෙයි මහා සංඝරත්නයත් නොමඟ යවල තිබ්බ හැටි භාරකාර ආණ්ඩුවට සහයෝගය දීල කතා කරපු හාමුදුරුවරුන්ගෙන් පෙනුන. බැසිල් ජනාධිපතිට ලකුණු අරන් දෙන්න ඒකාබද්ධ විපක්ෂෙයි හිටපු ජනාධිපතිතුමාගෙයි credibility නැති කරපු පලවෙනි පාර මේක නෙමෙයි. මේ පාර නම් හිටපු ජනාධිපතිතුමා 100% ක් අහුවුනේ නැති නිසා හොඳයි. දැන්වත් සිහි නුවනින් වැඩ කරන්න. කිසි දෙයක් එකපාරට පිළිගන්න එපා. ළඟ නොබලා දුර බලන්න. මෛත්‍රී බැසිල් ගෝඨාභය තුන්දෙනාම කරන්නේ මහින්ද සහ ඒකාබද්ධ විපක්ෂය ride එකක් ගෙනියන එක. කවදා මේක තේරෙයිද මන්ද.
Reply : 0 0
Champa Friday, 12 October 2018 09:18 PM
ජනාධිපති එක්ක එකතු වෙලා ශ්‍රීලනිප ආණ්ඩු, හවුල් ආණ්ඩු, භාරකාර ආණ්ඩු, සභාග ආණ්ඩු හදන කතා වලදී, මේ හැම තැනදීම බැසිල් bargain කරන්නේ පෞද්ගලිකව "රාජපක්ෂවරුන්ට" වාසි දෙයක්. මේකට ඉතින් ඒකාබද්ධ විපක්ෂේ සමහරු උඩින්ම කැමති වෙනවා තමන්ටත් එයින් වෙන සහනය ගැන හිතලා. රට්ටු හිතනවා රට වෙනුවෙන් කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. හිටපු ජනාධිපතිතුමාත් හැමදාම මේ උගුලට අහු වෙනවා. පස්සේ උගුලෙන් මිදෙනවා. ආයෙත් අහු වෙනවා. මේ ගොල්ලන්ව ride එකක් ගෙනිච්චට පස්සේ මෛත්‍රී කවුරු හරි හරහා leak කරනවා බැසිල් bargain කලේ මොකක්ද කියලා. එහෙම කරන්නේ හිටපු ජනාධිපතිතුමාට ඒ හරහා පහර ගහන්න. මේක දැන් කී පාරක් වුනාද? හැමදාම කියනව වගේ මෛත්‍රී රනිල් ගෝඨාභය සහ බැසිල්ට නැතිවෙන්න දෙයක් නැහැ. හැබැයි රටට, ජාතියට, හිටපු ජනාධිපතිතුමාට සහ ඒකාබද්ධ විපක්ෂෙට නැති වෙන්න බොහෝ දේ තියෙනව. ඒ බව අමතක කරන්න එපා.
Reply : 0 0
lion Saturday, 13 October 2018 07:42 AM
ලජ්ජා නැති කම මහා මුදලි කමත් වැඩ ලොකුඉ .එක වෙන්න ඇති තමන් තමුන්ගේ මල්ලි ටෙල්චොම් එකේ සබාපති කලේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

