
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (07) රැස්වූ එම කාරක සභාවේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ස්ථීර කරන ලදි.
මහජන වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් ප්රදානය කරනු ලබන මුදල් විසර්ජනය කිරීම පෙන්නුම් කරන ගිණුම්ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සුදුසු යැයි සලකනු ලැබිය හැකි පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන වෙනත් යම් ගිණුම්ද විගණකාධිපතිවාරයාගේ සහල ඇතිව පරීක්ෂා කරනු ලැබීම රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්ය වේ.
අද රැස්වූ අවස්ථාවට කමිටු සමාජිකයන් වන පවිත්‍රා දේවි වන්නිආරච්චි, දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, උදය ප්‍රභාත් ගම්මන්පිල, නලින්ද ජයතිස්ස, විජේපාල හෙටිටිආරච්චි යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.