රාජ්ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඇමැති අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය අද (27දා) තීරණය කළේය.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27දා) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කිරීමට තිරණය කර තිබේ.
මෙම කමිටුවට මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්රමරත්න යන ඇමැතිවරු ඇතුළත් වෙති.
මේ දිනවල ඇතිව තිබෙන වර්ජන රැල්ල පිළිබඳවද කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ.