රාජගිරිය අනතුර ගැන පාඨලී පැහැදිලි කරයි
රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“2016 පෙබරවාරි 28 දා රාත්‍රී 9.30ට පමණ අපේ අමාත්‍යාංශයේ වාහනයක යතුරු පැදියක් ගැටීමෙන් මේ අනතුර සිදුවුණා.
ඒ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි අපගේ රියදුරා බියට පත්වෙලා ගියා. මේ අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණ කණ්ඩායමක් ඔහු අල්ලාගෙන පහර දෙන්න හදන විට ඔහු බොරැල්ල පොලීසියට ගියා.
ඔහු මේක වාර්තා කළා. යතුරු පැදිවලින් පැමිණි අය සාක්ෂි ලබාදී තිබුණා. පදින්න තනම් 1000 සීසී අධිවෙීගී මෝටර් සයිකල් හතරක නැගිලා අධික වේගයෙන් පාර්ලිමේන්තු පිටිටයට ආවා.
මේ ගැන උසාවියට කරපු ප්‍රකාශ වල දැක්වී තිබෙනවා. මේ අවස්ථාවේදී අපගේ වාහනය සරණ පාරට හරවන විට එක් යතුරු පැදියක ගැටුණා. ඒ යතුරු පැදිය පදවාගෙන ආපු තරුණයා තමයි තුවාල ලැබුවේ. පසුපස ආපු තරුණයට මොකවත් වුණේ නෑ.
ඒ ඇතැම් අය මත්පැන් පානය කරලා හිටපු නිසා පොලීසියට යන්නත් බැරිවුණා. නමුත් පොලීසියට ගිහින් කිව්වා මේ හිටියේ චම්පික රණවක මහතාගේ රියදුරා කියලා.
මින් දින 6කට පස්සේ තරුණයන් දෙන්නෙක් සම්බන්ධ කර ගත්තා කූඨ ව්‍යාපාරිකයෙක්. මේ ගැන සම්පූර්ණ දුරකතන දත්ත අපි ළඟ තිබුණා. ඔවුන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළා.
අපි පරීක්ෂණවලට ඉඩ දුන්නා. පොලීසිය පරීක්ෂණයක් කළා. විශේෂ විමර්ශනයකුත් කළා. දුරකතන දත්තවලින් ඔප්පු වුණේ මම නිවසේ සිටි බවයි.ඒ දරුවා ගැන මම කනගාටුවෙනවා.”

popular news
-
hemantha Thursday, 05 December 2019 09:25 AM
මඩ අනන මඩ කරින්ට මේක හොද ආයුදයක් වුණා. වැඩියෙන්ම දැගලුවේ ඔබේ පරණ යාළුවා .
Reply : 15 1
Kalum Thursday, 05 December 2019 10:29 AM
Onna Champika dan tittayata waare avith bodada!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

