බුලත්සිංහල ඉහළ වෙල්ගම මහගම හැට්ලිවත්ත තේ කර්මාන්ත ශාලාවක් තුළදි බාල තේ කොළ වලට රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට හැකි විය.
අත්අඩංගුවට පත් පිරිස් අතර කර්මාන්ත ශාලාවේ කළමණාකාර වරයාද වන බව පොලීසිය පවසයි.
එම සැකකරුවන් සමඟ රසායනික කුඩු කිලෝ 124ක්, රසායනික කුඩු මිශ්‍ර කරන ලද ජලය ලීටර් හතළිස් පහක් ,රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදන වර්ග ගැන්වෙන බවත් වැටලීමට සහභාගි වු නිලධාරියෙකු පැවසීය.
බාල තේ වලට මිශ්‍ර කිරිම සඳහා යොදා ගන්නා කිලෝ විසිපහ බැගින් අඩංගු රසායනික ද්‍රව්‍ය උර හතරක් කර්මාන්ත ශාලාව පිටුපස කෙසෙල් පදුරු අතර සඟවා තිබියදි සොයා ගත් බව පොලීසිය පවසයි.
මෙම කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන තේ කොළ කාලයක් තිස්සේ විදේශගත කර ඇතැයිද සිදු කළ මුලික විමර්ශන වලදි හෙළි වි යැයි පොලීසිය පවසයි.
වැටලිම සිදු කිරිමෙන් අනතුරුව තේ පර්යේෂණ මණ්ඩලයේ නිලධාරීන්ද කර්මාන්ත ශාලාවට කැඳවිමට පියවර ගත් බවත් ඔවුන් රසායනික ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද තේ කොළ සාම්පල් රැගෙන ගිය බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් බුලත්සිංහල පොලීසිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඉදිරි දිනයකදි අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ඇප බැදුම්කරයක් මඟින් සැකකරුවන් නිදහස් කළ බව පොලීසිය පවසයි.
