රවී ඇතුළු 7ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක , අර්ජුන් ඇලෝසියස් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (07) අතුරු නියෝගයක් නිකුත් කළේය.
එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රීට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද රවි කරුණානායක මහතා ඇතුළු හත් දෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
එසේම මෙම රිට් පෙත්සම් විභාගයට ගෙන අවසන් වන තුරු අදාළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් එම අතුරු නියෝගය ලබා දීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.
අභියාචනාධිකරණ සභාපති ඒ .එච්.එම්.ඩී නවාස් , ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

