රවීගේ ගෙදරට ඩ්‍රෝන යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙකි.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඊයේ (25දා) දහවල් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඇති අයුරු එම නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දැක වහාම එය ගුවන්ගත කරමින් සිටි පුද්ගලයන් අසලට ගොස් ඒ පිළිබඳ විමසා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන රෝපණ වැඩසටහනට අයත් රූගත කිරීමක් ඩ්‍රෝනා කැමරාවක ආධාරයෙන් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරයක් ලබාගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය දැනුම්වත් කළ යුතු වුවද මෙම අධි ආරක්ෂිත කලාපයේ සිදුකළ මෙම ක්‍රියාව සඳහා ඒ කිසිදු අවසරයක් ගෙන නොමැති බවත් හෙළි වී තිබේ.
එම ව්‍යාපෘතිය භාර වන සංරක්ෂණ නිලධාරියා සහ ඩ්‍රෝන කැමරාවද සමග එහි ක්‍රියාකරු අද (26දා) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න/ බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

