රඹුක්කන මාර්ගයක වසා තැබීමක් - විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දන්වයි
- 18 02 2020
- 16:15
- {{hitsCtrl.values.hits}} views
- ..
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන කෑගල්ල ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් ගේට්ටුව අසල මාර්ගයේ සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදුකිරීම හේතුවෙන් අද සහ හෙට දිනයන් හිදි එම මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි ඒ අනුව
අද (18) දින සවස 6 සිට පසුදින උදෑසන 6 දක්වාත්
20 වන දින සවස 6 සිට 21 වන දින උදෑසන 6 දක්වාත් මාර්ගය වසා තැබෙනු බව සඳහන් කරයි
මේ සඳහා විකල්ප මාර්ග ලෙස
පින්නවල පාසල අසලින් වමට ඇති හස්තිපුර මැදගෙඩැල්ල, හිරිමළුව හරහා රඹුක්කන නගරය දක්වා සැහැල්ලු වාහන පමණක් ද, දළුගල - කිරිවනන්දෙනිය මාර්ගයේ හලාගිරිය, කඩිගමුව හන්දියෙන් රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයෙන් රඹුක්කන නගරය දක්වාද ගමන් කල හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් මගින් දන්වා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
