රුපියල් කෝටියක මත්ද්‍රව්‍ය සමග සුරාබදු නියාමකවරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් කෝටියකට අධික වටිනා මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය සමඟ ජයවර්ධනපුර සුරාබදු කාර්යාලයේ නියාමකවරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය කියයි .
සැකකරුවන් සමග මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 මිලිග්‍රෑම් 380 ,මෝටර් රථයක් .හා නවීන පන්නයේ ජංගම දුරකථන 5 පොලිසිය භාරයට ගෙන ඇත .
අවිස්සාවේල්ල ,කලුඅග්ගල, හංවැල්ල සිට ලබුගම දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී නීති විරෝධී මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය සමග 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධ 25 හැවිරිදි පුද්ගලයකු හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි .
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් මත්ද්‍රව්‍ය ලද ආකාරය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍ය තොගය ලබා දුන් බව කියන 42 හැවිරිදි සුරාබදු නියාමකවරයා ජයවර්ධනපුර සුරාබදු කාර්යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය .
සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත .
පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය නිලධාරින් වැටලීම සිදු කළහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

