රනිල් සමග ආණ්ඩු නෑ ජනපතිගේ තීරණයේ වෙනසක් නෑ
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අතර පැවැති සාකච්ඡාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ.
“ රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාට ආණ්ඩුවේ කොටසක් වෙන්න කිසිම අවස්ථාවක එපා කියලත් කිව්වා. අපි 95 දෙනා එකට ඉදලා දේශපාලන තීන්දුවක් ගැනීමටත්, හෙට හැන්දෑවට නඩු තීන්දුවක් තියෙනවා. ඉන් පස්සේ අපේ දේශපාලන තීන්දුව ගන්නවා. ආණ්ඩුවේ ඉන්නවාද නැත්ද යන්න එහිදී තීරණය කරනවා.”

popular news
-
Deepal Nirosh Thursday, 13 December 2018 10:06 PM
තීන්දුව කුමක් වුවත් ගරු අධිකරණ තීන්දුවට හිස නැමිය යුතුයි. දැන් රටට වැදගත් අගමැති කවුද කියන එක නොවෙයි. තීන්දුව දුන විගසම අනුර කුමාර මැතිතුමා හඬින් ප්‍රකාශ වුණු පරිදි ජවිපෙ පාර්ලිමේන්තුවට ගෙනඑන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කර ගැනීමයි රටට වැදගත්. ඒ සඳහා දැන්වත් ඔය 95 දෙනා එක මතයතට එන්න. රනිල් අගමැති වුණා කියල ජනාධිපත්තුමා රනිල් එක්ක ආණ්ඩු කරන්න අවශ්‍ය නැහැ.
Reply : 0 0
rocky Friday, 14 December 2018 05:32 AM
පොලොන්නරුව පැත්තේ මී හරකුත් පාර මැද්දේ හිටගත්තම නො හෙල්ලුම්! ගහලාම එලවනතුරු එතනම ඉන්නවා.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

