රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට පරාජය කරන්න පුළුවන් -නිශාන්ත මුතුහෙට්ටිගම
පාර්ලිමේන්තුව ඇතුලත නටන්න පුළුවන් යකා උපරිමව නටනු ලැබුවේ මෙය හොදින් හෝ නරකින් ආණ්ඩුපක්ෂයට දිනිමට පුළුවන් කියන පණිවුඩය විපක්ෂයට ලබාදිමට යැයි වරාය හා නාවික කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය.
ආණ්ඩු පක්ෂයට අර්බුදයක් නැහැ. කථානායකතුමා තමයි පාර්ලිමේන්තුවේ වගකිම් පැහැර හැරලා මේ අර්බුදය ඇති කළේ. ඔහු තමයි මේ අර්බුදයේ නිර්මාතෘවරයා.පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන්ම වැරදි පැත්තේ ඉදාලා අද හරි දිශාවට ගමන් කිරිම ආරම්භ කරලා තියෙනවා. නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමෙන්තුවට ඇවිත් සාධාරණ ප්‍රකාශයක් කරලා සභාව කල්තැබුවා විශ්වාසභංග ගෙන්න ක්‍රමවේදයක් තියෙනවා. තියෙන කලබලයට විශ්වාසභංග ගෙන්න බැහැ . .මේ ගැන විවාදයක් තියලා ඡන්දයක් ගන්න පුළුවන්.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අපට පරාජය කරන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කිරිම ඊට වඩා පහසුයි. ආණ්ඩුවට තියෙන ශක්තිය කුමක්ද කියලා අපි ඉදිරියේ දි පෙන්වන්නම්. ජනාධිපතිවරණයට තව කල් තියෙනවා. අපේ මැතිවරණ සැලැස්ම ඉදිරියේදි දිග හරිනවා යැයිද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.
ජිනේෂ් නානායක්කාර

popular news
-
dayan Thursday, 22 November 2018 08:30 PM
ප්රජාතන්ත්රවාදය නැති කරන්න නුඹලාට ඉඩ දෙන්නේ නෑ.
Reply : 0 0
Saththaya Thursday, 22 November 2018 10:03 PM
පිස්සු නැත්නම් හරි ෂෝක් .
Reply : 0 0
rocky Friday, 23 November 2018 07:11 AM
පුළුවන් නම් ඇයි නොකරන්නේ? ඔට්ටුයි බැරුවට! බැරි හින්දනේ පාර්ලිමේන්තුව ඇතුලේ පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නේ?
Reply : 0 0
Saththaya Friday, 23 November 2018 08:33 AM
ඔව් , හරියට හරි , හැබැයි ඉස්සෙල්ල නීතියට අනුව පළාත් සබා මැතිවරණයට සහ ජනාධිපතිවරණයට මුහුණ දෙන්න , හොර ආණ්ඩුවක් තියන් බලෙන් සහ දුෂිත ක්‍රමයට චන්ද තියන්න නේද ඔය සැරසෙන්නේ . ඊළගට නඩු ටික යටගහන්න . පුලුවන්නම් විවස්තාව අද්‍යනය කරලා කතානායක පුටුව මෙහයවන්න බලන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

