රනිල් මුලින්ම පක්ෂයේ ප්රජාතන්ත්රවාදය ඇති කළ යුතුයි - ජනපති
තම පක්ෂය තුළ නැති ප්රජාතන්ත්රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්රමසිංහ මහතාට හැකියාවක් නොමැති බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.අද පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන බවත් රටේ නීතිය සහ ප්රජාතන්ත්රවාදය පිළිබද ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්රජාතන්ත්රවාදී කරගතයුතු බවත් සඳහන් කර තිබේ.
පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්රීයව ඉදිරියට ක්රියාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවත් කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බවත් සඳහන් කර තිබේ.

popular news
-
athura Wednesday, 05 December 2018 05:53 PM
අනුන්ගේ පක්ෂේ ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන්න ඉස්සෙල්ල තමන්ගෙ පක්ෂෙ තියනවද කියල බැලුවනම් මොකද මහත්මය.
Reply : 0 0
Rati Wednesday, 05 December 2018 05:57 PM
පිස්සු කිව්වට දැන් තමයි තේරුනේ
Reply : 0 0
Don Wednesday, 05 December 2018 09:15 PM
අනුන්න්ගේ පක්ෂ ගැන හොයන්න කාලේ කන්නේ නැතිව තමන්ගේ පක්ෂේ අය පොහොට්ටුවට බැඳෙන එක ගැන හොයාගන්න. අන්තිමට අගමැතිකම ගත්තු හැටියේම මහින්ද පොහොට්ටුව වැළඳ ගත්තා. කවදාහරි JVP එකටත් පරදින තැනට පක්ෂය පත්කරේ කවුද කියල කවුරුත් දන්නවා.
Reply : 0 0
Nandana Wednesday, 05 December 2018 09:53 PM
අනුන්ගේ සීනි කිරන්නේ නැතිව ඉන්නවද ?, තමන්ගේ කඩේ කිරන්නවත් සීනි නැහැ නේද,? , යන්නේ කොහෙද ?,මල්ලේ පොල් .!!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
