රනිල් මන්ත්රී ධුරයේ කටයුතු කිරීම වළකාලන්නැයි ඉල්ලා පෙත්සමක්?
රනිල් වික්රමසිංහ මහතාගේ මන්ත්රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11දා) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
රාජ්ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි එමගින් ඉල්ලා සිටීමට සූදානමක් පවතින බවද වාර්තා වෙයි.

popular news
-
Champa Tuesday, 11 December 2018 10:14 AM
ජනාධිපතිටත් පිස්සුද කියලා නඩුවක් දාල තියෙන එකේ, පිස්සුද කියලා හොයන කම් එයාගෙත් වැඩ තහනම් කරන්න කියන්න ඕනේ. එතකොට රනිල් මහින්ද මෛත්රී කරු හතර දෙනාම interdict. ඒ කියන්නේ නඩු තීන්දු එනකම් ගෙදර. ආණ්ඩුවකුත් නැහැ. කැබිනට් එකත් නැහැ. අනේ හොඳයි. මොන තරම් නම් සල්ලි කන්දරාවක් ඉතුරු වෙනවද නඩත්තුවට වැය කරපු. දැන් අග්ර විනිශ්චයකාර තුමාට තමයි රට බාර ගන්න වෙන්නේ නඩු ටික ඉවර වෙනකම්. පාර්ලිමේන්තුවක් නැති නිසා සල්ලි පාස් කරගන්න බැරුව තව ඉස්සරහට උඩින් පාන් පරිප්පු එහෙම දාන්න වෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානෙට.ඊළඟට ආණ්ඩුවක් නැති රටක් අයිතිකාරයෙක් නැති රටක් කියල ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය බාරයට ගනියි.
Reply : 0 33
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
