රනිල් මන්ත්‍රීධුරයේ කටයුතු කිරිම වළක්වමින් නියෝගයක් ඉල්ලා පෙත්සමක්
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරිම වළක්වමින් කෝවෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
කොළඹ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මිය මෙම පෙත්සම ගොනුකර තිබේ.
ඇය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයේ කටයුතු කිරිම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
රනිල් වික්‍රමසිංහ, අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුළු පස් දෙනෙක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

popular news
-
Champa Tuesday, 11 December 2018 05:08 PM
පෞද්ගලික සමාගමක කොටස් තියෙනවා නම් මන්ත්රීකම් ඇමතිකම් දරන්න බැරිද? දන්නේ නැති නිසා අහන්නේ? එතකොට ලංකා පාර්ලිමේන්තුවේ පෞද්ගලික ආයතන වල කොටස් තියෙන කී දෙකෙන් ඉන්නවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට මේවා තමා මේ කතාවට අදාළ නොසොදුසුකම් (ineligibility) 1. undischarged bankrupt or insolvent. 2. interest in government contract. 3. acceptance of bribe/gratification offered with view to influencing judgment as MP (in preceding 7 years). තව නුසුදුසුකම් තියෙනව. ඒවා මෙතනට අදාළ නැති නිසා දැම්මේ නැහැ. මේ 2. කියන එකේ පාර්ලිමේන්තුව කොහෙවත් හරියට define කරලා නැහැ මේ රජයේ කොන්ත්‍රාත්තු මොනවාද කියල. මේකේ 3. නුසුදුසුකමට අලුතෙන් හුඟක් මන්ත්‍රීවරු ඇතුලත් වෙන්න ඉඩ තියෙනව අනාගතේ. ඒ කියන්නේ මේ දවස්වල අල්ලස් ගත්තු අල්ලස් ඉල්ලපු අල්ලස් දුන්නු අල්ලස් දෙන්න හදපු කවුරු හරි චන්දෙ ඉල්ලන්න ආවොත් මේ විදිහටම නඩු දාලා ඒගොල්ලන්ව නවත්තන්න ඕනේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය තමයි තීරණය කරන්නේ මොනවාද මේ තියෙන්න බැරි කොටස් කියලා. ජනාධිපතිගේ පටන් රනිල් ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් සියල්ල දැන් උසාවියට ගෙන්න පුළුවන්. නියමයි!!
Reply : 0 0
Champa Tuesday, 11 December 2018 05:31 PM
චැක්. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පිස්සුද කියල, ඒ කියන්නේ 225ම එකක් විදිහට අරන් set එකටම පිස්සුද කියලා අහල නඩුවක් දාන්න කවුරුවත් නැත්ද දන්නේ නැහැ. එහෙම කරා නම් ඔක්කොම interdict වෙනවා. එතකොට නඩත්තු කරන්න යන වියදම සහ වැටුප් නවතිනවා. කියලා වැඩක් නැහැ. වැටී වැටී හරි අවුරුදු 70ක් ඇවිල්ල ප්‍රපාතේ කට උඩ හිටලත් ප්‍රපාතෙට නොවැටී තිබුණු රට කෙලින්ම ප්‍රපාතෙට තල්ලු කරලා රටට කරපු අපරාදෙට ජනාධිපති මෛත්‍රී සහ මුළු පාර්ලිමේන්තුවම interdict කරන්න ඕනේ. දැන්නම් මිනිස්සුන්ට පිළිකුල ඉහ වහා ගිහින් තියෙන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ 225 ගැනම. මහින්දව interdict කරලා දැනටම. ඊළඟ නඩු තුනෙන් මෛත්‍රී, රනිල් සහ කරු interdict කරපු ගමන් අග්‍ර විනිශ්චයකාරතුමා රට බාර ගන්න ඕනේ. නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය රට අරාජිකයි කියලා කෙලින්ම මැදිහත් වෙන්න ඉඩ තියෙනව. ඊට වඩා හොඳයි ඊට කලින් අග්‍ර විනිශ්චයකාරතුමා රට බාර ගන්න එක.
Reply : 0 0
dhamneth Wednesday, 12 December 2018 07:30 AM
රනිල් වික්ක්‍රමසිංහ ජි ඇල්.පිරිස් වගේ මන්තිවරු පරම්පරා ගණනාවක සිට රජයට අදායම් බදු ගෙවන විශාල වසයෙන් ආගමික කටයුතුවලට මුදල් පරිත්තාග කරන වැදගත් ධනවත් මෙන්ම දානපති පවුල් වලින් පවත එන අයයි. මේ මහත්වරු දේසපාලනයට අවට පස්සේ දේසපලනයෙන් පොහොසත් වුන ඇත්තෝ නොවෙයි.සේරම මැති ඇමතිවරුන්ගේ අඩු තරමේ පරම්පරා 3ක් වත් යනකම් පැටිකිරිය සොයාබලන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
