රනිල් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු ගොනු කළ ඇපෑල විභාග කිරිම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ මහතා හා එම මන්ත්‍රීවරුන් වෙනුවෙන්ති පෙලී සිටි නීතිඥවරුන් මෝසම් දෙකක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
අදාළ ඇපෑල් හෙට (14දා) විභාගයට ගැනීමට නියමිතය. එක්සත් ජාතික් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් පැවැසුවේ මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධුරයෙත්, කැබිනට් මණ්ඩලය එම ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.
පෙත්සම් විභාග කරන තෙක් අභියාචනාධිකරණය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙත්, කැබිනට් මණ්ඩලය එම ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා දෙකක් ඉදිරිපත් කෙරිණ.
අද ඉදිරිපත් වූ මෝසම්හරහා ඔවුන් සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වන ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් ඒ වෙනුවෙන් පත්කරන ලෙසයි.

popular news
-
මුනසිංහ Thursday, 13 December 2018 02:39 PM
අරය එපා මෙයා ඕන කියල කියන්නේ තමන්ට වාසිදායක අය ඕන අවාසිදායක අය එපා කියලද? එහෙනම් අධිකරණය ස්වාධීනයි කියන එකත් මෙයා අභියෝගයට ලක් කරලා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

