රනිල්ට සහාය පළ කිරිමේ යෝජනාවට ජවිපේ සහාය නෑ
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණට අදාළ නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
" රනිල් කිසිසේතම ඔය පුටුවට ඕන කියන නිර්ණායකය අපිට නෑ. රනිල් හෝ මහින්ද ඔය පුටුවේ වාඩිවීම ගැන පුද්ගලික ප්රශ්ණයක් අපිට නෑ. තිදෙනෙනක් එකතු වී කුමන්ත්රණකාරි පාලනය බලයක් අත්පත් කර ගැනිම තමයි අපිට තිබෙන නිර්ණායකය.
ඔක්තෝබර් 26 දාට අපි විරුද්ධ වන්නේ එම ආදර්ශය නැවත ඇතිවීම වැළැක්වීමටයි. එය ආරම්භ වූ තැනම පරාජයට පත්කළ යුතුයි. එම කුමන්ත්රණය පරාජය කරන හැම පියවරකම අපි ඉන්නවා."

popular news
-
සෙනෙවි Wednesday, 12 December 2018 04:19 PM
ඡන්දය දීමෙන් වැලකී සිටීම යනු රනිල් අගමැතිවීමට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ප්රකාශ කිරීමකි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
