රනිල්ට සහාය දුන්නොත් TNA එකට විපක්ෂනායක ධූරය බෑ
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කරන්නේ නම් ඔවුන්ට විපක්ෂනායක ධූරයේ කටයුතු කිරීමේ අයිතියක් නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මේ පාර්ලිමේන්තු රැස්වීම් අනීතිකයි වගේම එකින් එක විහිලු ජනකයි. ඊයේ දවස පුරාම TNA සහාය ලබා ගැනිමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.
TNA කොන්දේසි සහිතව එයට එකඟවන බව සිද්ධාර්තන් මහතා සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයට TNA එකත් සමග ආණ්ඩුවක් හදනවානම් ඒකට අපේ ගැටලුවක් නෑ.
නමුත් අපට තිබෙන ගැටලුව තමයි මේ යෝජනාවට සහාය පළකරන විට TNA විපක්ෂනායක ධූරයේ කටයුතු කිරිම ගැටලුවක් වෙනවා.
යෝජනාවට සහාය දක්වන්නේ නම් ඔවුන් විපක්ෂනායක ධූරයේ කටයුතු කිරිමේ අයිතිය අහිමි වෙනවා. මේ දේශපාලන අර්බුදය විසඳන්න අධිකරණයට, ව්‍යවස්ථාදායකයට හෝ විධායකට බෑ. ඒක කරන්න පුළුවන් ජනතාවට පමණයි. ”

popular news
-
Champa Wednesday, 12 December 2018 12:15 PM
Double standards නේද? දැන් මහින්ද/JO සහ මෛත්‍රී/UPFA දෙකම TNA එකත් එක්ක සාකච්චා කලානේ ආණ්ඩුවක් හදන්න සහයෝගය ගන්න. හැබැයි බැරි වුන. අනික ඔය තර්කෙ වලංගු නැහැ. ඒ මොකොද කිව්වා නම් TNA එක රනිල්ට විරුද්ධ විශ්වාස බංග යෝජනාවටත් සහය දුන්න. එතකොට කවුරුවත් ඕ කතාව කිව්වේ නැහැ. මම නම් රනිල් TNA උදව් ගන්න එකට මුකුත් කියන්නේ නැහැ. දෙගොල්ලෝ බලයට ආවෙත් එකට නිසා. හැබැයි බෙදුම්වාදියෝ කියලා වේදිකාවල පතුරු ගහපු TNA එකත් එක්ක එකතු වෙන්න මහින්දයි JO එකයි සාකච්චා කරපු එක තනිකරම සිංහලයව පාවා දීමක්. ඒ විතරක්ද අවුරුදු 4 තිස්සේ ජනතාව, මාධ්‍ය සහ නොයෙක් සංවිධාන කැහැගහල නවත්තගෙන හිටපු හිරේ ඉන්න දරුණු ගණයේ ත්‍රස්තවාදීන්ව නිදහස් කරන්නත් හැදුව දෙමල චන්ද ගන්න. බලය අතට ගත්ත ගමන් දේශප්‍රේමය නාය ගියා. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ව්‍යවස්ථාමය අර්බුදයක් ජනතාවට විසඳන්න බැහැ. ඒක කරන්න ඕනේ අධිකරණය. අනිවාර්යයන්ම මේක අධිකරණ තීන්දුවකින් විසඳගෙන මිසක් ඉස්සරහට යන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් මේ කරපු දේ පූර්වාදර්ශයක් විදිහට අරගෙන ඉස්සරහට එන ජනාධිපතිවරුත් තමන්ගේ හිතුමතේට ව්‍යවස්ථාව කඩන්න ඉඩ තියෙන නිසා. මේ වැඩේ මෙතනින් නවතින්න ඕනේ.
Reply : 0 2
rocky Wednesday, 12 December 2018 01:19 PM
මහත්තයෝ, යමක් වෙන්න ඉස්සෙල්ලා පූර්ව නිගනවල බැහැලා ගොඩ පෙරකදෝරුකම් දොඩවන්නේ නැතුව පරණ කිරි පැකට් දෙකක් ගහලා දියවන්නාව අද්දර වාදී වෙන්න!
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

