රන් භාණ්ඩ සඳහා ස්වර්ණාභරණ අධිකාරියේ මුද්‍රාව අනිවාර්යය කරයි
ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීමි සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම පිළබඳවත් අවධානය යොමු වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු කෙරිණි.
විෂයභාර අමාත්‍යවරයා ලෙස කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු සොයාබැලීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය සමඟ ප්‍රගති සමාලෝචන රැස්වීමකට ද එක් විය.
ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය වෙළෙඳපොළ තුළ බහුල වීම හේතුවෙන් ස්වර්ණාභරණ අලෙවි කිරීමේ දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති මුද්‍රාව ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම පිළිබඳව සියලූ ස්වර්ණාභරණ අලෙවිකරුවන් දැනුවත් කිරීමත්, රන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සුපරික්ෂාකාරී වීමට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
ඉන් අනතුරුව ඉදිරියේ දී අදාළ නීති රීති විධිමත් අයුරින් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.
මැණික් ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීමේ දී මතුව ඇති ගැටලු, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රන් නිෂ්කාෂණ කටයුතු වැනි කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

popular news
-
චමින්ද Thursday, 23 May 2019 06:19 AM
එතකොට නිවෙස් මට්ටමෙන් නිපදවන භාණ්ඩවල සහතික කරන්නේ කෙසේද ඒතැන්වලත් බාල භාණ්ඩ නිපදවනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

