රන්ජන් සමාව ගත යුතුයි - පාඨලී
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට සමාව ගත යුතු බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“භික්ෂූන් වහන්සේලා රාජ්‍ය නීතියට යටත්. මහානායක හිමිවරු, අනුනායක හිමිවරු, අධිකරණ සංඝනායක හිමිවරු පත්කර තිබෙන්නේ හිමිවරුන්ගේ ප්‍රශ්න විසඳා ගන්නයි.
ගිහි දේශපාලකයිනට ඒවා අදාළ දේවල් නෙමෙයි. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන මිහිඳු මහ රහතන්වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වට පස්සේ වසර 2300ක් නොයෙකුත් හැල හැප්පීම් මැද ඉදිරියට ගියා.
ඉතාම බරපතල ප්‍රශ්න වලට භික්ෂු ශාසනය මුහුණ දුන්නා. එක කාලෙක සියමෙන් උපසම්පදාව ගේන්න සිදුවුණේ ගණින්නාස්සේලා බිහිවෙලා ශාසනය ගැටලුවට ලක්වෙලා තිබුණ නිසයි.
දේශපාලකයෝ ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට විනය කතා කිරීම සුදුසු කරුණක් නෙමෙයි.
කවුරුහරි වැරදි කරන කෙනෙක් ඉන්නවානම් රටේ නීතිය තිබෙනවා. මේ රට හුඟාක් පරාභයට ගිහින් තිබෙන්නේ කට වරද්දා ගැනීම නිසයි.
සමාජ වෙබ් අඩවි ජලා තිබෙන නිසා මොන මොනවා හරි කිව්වාම හරි කියලා හිතනවා. ඒ නිසා වාචාල කථා කාරයින්ට ලොකු තැනක් ලැබිලා තිබෙනවා. අපේ රන්ජන් රාමනායක මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මහා සංඝරත්නයෙන් සමාව ගන්නා ලෙසත් නැවත මේ වගේ කථා නොකරන ලෙසත්.”

popular news
-
Daham Monday, 15 July 2019 05:07 AM
රන්ජන් නිවැරදි දේ කිව්ව නිසා සමාව ගැනීමට අනවශ්‍යය . මෙය බෞද්ධ චන්ද ගන්න කතාකරන්නේ .
Reply : 0 1
එම්.ඒ. ජේ Monday, 15 July 2019 10:08 AM
චම්පික රණවක මැතිතුමා චවනයේ පරිසමාප්ත අර්තයෙන්ම "දේශපාලකයෙකි" ඔහු වැනි අය හැමදාම කරන්නේ රටේ පවතින විකෘති-සමාජ තත්වයන්ට ඉඩ දී, ඒවා ආරක්ෂා කරමින් දේශපාලන-පරපෝෂකයින් වීමයි. ඔහු වැනි අය රටට නායකත්වය දෙන්නේ නැත, වෙනස්ක කළ යුතු දේ කුමක් ද කියා හඳුනා ගැනිමට තරම් දැක්මක් හෝ පරිණත බවක් ඔහු වැනි දේශපාලකයින්ට නැත. ඔවුන් දන්නා එකම දෙය පාදඩකම ආරක්ෂාකරමින් ඒවායින් දේශපාලනය කිරිමයි. රාමණායක අමැතීවරයා කී දේ ඇත්තය (ඔහු එය කී ආකාරයේ ගැටලු ඇත). තමන්ට එල්ලවන දෝෂාරෝපණ ගැන දැන දැනම රාමණායක මැතිතුමා සත්‍ය පැවසීම රට වැසියකු සේ අගය කරමි. රටේ පන්සල් ඇතුලු බොහෝ වෙනත් ආගමික ස්ථානවල දරුවන් අපමණව ලිංගික දුෂණයට ලක්වේ. රටේ මේ සඳහා ඕන තරම් තොරතුරු ඇත, විශේෂයෙන්ම පන්සල්වල පොඩි හාමුදුරුවෝද, දහම්පාසල් දරුවන් ද මෙයට ගොදුරු වේ - මහණ වු කුඩා දරුවන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන්ට මේ වෙනුවෙන් කළ හැකි දෙයක් නැත. ගැටලුව වන්නේ මෙය ඊනියා ආගමික භක්තිය මගින් සහ දේශපාලනය මගින් යටපත් කීරීමයි!
Reply : 0 4
nelum Monday, 15 July 2019 11:18 AM
කුමකටද ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

