රන්ජන්ට උසාවි අපහාසයට නඩු
හිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පසුගිය නොවැම්බර් 20දා දෙරණ වාදපිටිය වැඩසටහනට සහභාගී වෙමින් අපූරු කතාවක් කිව්වා. “ ත්‍රි බෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යනවා. පහෙන් තුනක් මෙහෙට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ” එතුමාගේම වචනවලින් කියනවානම් එතුමන් එහෙමයි ප්‍රකාශ කළේ යනුවෙන් උදය ගම්මන්පිල මහතා පැවසීය.
පිවිතුරු හෙළ උරුමයේ අද පැවති මාධ්‍ය හමුවකදි ගම්මන්පිල මහතා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන්නේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් කියලා එජාපය කලින්ම දන්නේ කොහොමද? එයින් තුන් දෙනෙකු තම පැත්තට නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දුන් තීන්දුව වෙනස් වෙන්නෙ නෑ කියා ප්‍රකාශ කරන්නේ කොහොමද? මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට කරපු නින්දිත අපහාසයක්. මේ පිළිබඳ රන්ජන් රාමනායක මන්ත්‍රීතුමාට එරෙහිව නඩුවක් ගොනු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගේ මේ ප්‍රකාශයත් සමග සමාජ ජාලා කැලඹිලා තිබෙනවා. මේ වනවිට ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවන්ගෙන් ආගමික විශ්වාස, විවාහ සබඳතා, දරුවන්ට රැකියා ලැබුණු අයුරු වැනි විවිධ කාරණා පිළිබඳ ඉතිහාසයේ නොවූ විරූ අයුරින් සමාජ ජාලා තුළ සංවාදයක් මතු වී තිබෙනවා. නීතියේ ආධිපත්‍යය රැකගැනීමට නම් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසයට රැකගන්න ඕනෑ. අධිකරණය මොන තීන්දුවක් දුන්නත් එය නොපිළි ගනිමින් රට පුරා කැරලිකාර ඇතිවීමේ අවදානමක් රංජන් රාමනායක මන්ත්‍රිවරයා විසින් ඇති කර තිබෙනවා.
මේ පසුබිම තුළ මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ සමස්ත ශ්‍රේෂ්ඨාධිකරණය ම වාඩි වන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගන්නා ලෙසයි. දැනට ශ්‍රේෂ්ඨාධිකරණය පුරප්පාඩු දෙකක් තිබෙන නිසා විනිසුරුවන් සිටින්නේ නව දෙනයි. ඒ නිසා මේ නව දෙනාම එකට අසුන් ගන්නා පූර්න විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද පෙත්සම් විභාග කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් පැවසීය.

popular news
-
මරික්කාර් Thursday, 22 November 2018 05:32 PM
ස්වර්ණවාහිනී විවාදයේ හරින් ඉදිරියේ පිළිස්සුන මෙම ජාතිවාදියා කට වහගත්තනම් හොඳය් ...
Reply : 0 0
Don Thursday, 22 November 2018 06:00 PM
ගම්මන්පිල, තමන් ඔස්ට්‍රලියාවේ ව්‍යාපාරිකයෙකුට මහා වංචාවක් කරපු ඒවා ගැන ලෝකෙම දන්නවා.
Reply : 0 0
Chandra Friday, 23 November 2018 08:42 AM
පිස්සු නැත්නම් ෂෝක් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

