රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට තාම භාර දි නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා විසින් මෙතෙක් කිසිදු හෝ හඬ පට ඇතුළත් සිඩි තැටියක් පාර්ලිමේන්තුවේ ආදාළ නිලධාරින්ට වෙත භාරදි නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තමා සතු හඩපට සභාගත කරනු ලබන බවට ප්‍රකාශ කිරිමෙන් පසු සි.ඩි තැටි කිහිපයක් සමඟ රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දහනායක මහතා මුණගැසි එම හඬපට භාරදිමට අවශ්‍ය බව පවසා ඇත.
ඒ අනුව ආදාළ සි.ඩි තැටි නිල වශයෙන් භාරිදිම සිදු කළ යුතු දෙපාර්තමේන්තුව වෙත මහලේකම්තුමා මන්ත්‍රීවරයාට යොමු කර තිබේ.
එම දැනුම්දිමට අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අදාල ලිපියක්ද රැගෙන දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇතත් සි.ඩි තැටි භාර නොදි ආපසු ඒවා රැගෙන ගොස් ඇත. එම සි.ඩි තැටි නැවත නිරික්ෂණය කළ යුතු බැවින් ඒවා භාර නොදි රැගෙන යන බව රාමනායක මන්ත්‍රීවරයා එහිදි එම නිලධාරින් වෙත පවසා තිබේ.
එබැවින් රන්ජන් රාමනායක මහතා හඬපට ඇතුළත් සි.ඩි තැටි පාර්ලිමේන්තුවට භාරිදි ඇති බවට ප්‍රචාරය වන ප්රවෘත්ති සත්‍යයෙන් තොර බව නිවේදනයේ සඳහන් වේ.

-
rocky Saturday, 25 January 2020 11:59 AM
ඇමති තුමාලා චන්දදායකයට දුන්න පොරොන්දු ඉස්ට කරන තරම් ඉක්මනට, සාක්කුවෙන් ඇදලා අරන් පටස් ගාල දෙන්න පුල්ලුවන් කමක් නැතුව ඇති. ඇයි, මෙච්චර තදියම. .? පොඩ්ඩක් ඉඳලා බලමුකෝ. හොඳ හිතින් දෙනවද නැද්ද කියලා අහලා, දුන්නේ නැත් නම් කෙළිමු මිරිස්කුඩු පාරක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

