රථවාහන වැරදි, දඬ හා අවාසි සහගත ලකුණු ක්‍රමයට විද්‍යුත් වැඩසටහනක්
- 4 09 2019
- 18:20
- {{hitsCtrl.values.hits}} views
- ..
රථවාහන වැරදි සම්බන්ධව දත්ත හා තොරතුරු කළමනාකරණය, ක්ෂණික දඬ මුදල් එකතු කිරීම හා රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාව සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලය ප්රතිප්තිතිමය වශයෙන් අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව අදාළ ඉලෙක්ට්‍රොනික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පරිදි රුපියල් මිලියන 22.2ක ඇස්තමේන්තු ගත මුදල මගින් එම විශ්වවිද්‍යාලය මගින් සිදුකර ගැනීමට ආරක්ෂක අමාත්‍ය ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
