රත්තරන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වෙයි
දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කළේය.
ඔහුගේ නිවසේ අද (18දා) උදෑසන පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ විභාග වන (බාල වයස්කාර දැරියකට ලිංගික අතරවර කිරීමට අදාළ) නඩුවෙන් නිදොස් කොට නිදහස්වූ විට නැවත දේශපාලනයට පැමිණෙන බවයි.
“මට විරුද්ධ අධිකරණයේ නඩුවත් තිබෙනවා.එහෙම නඩුවක් තියෙනවිට දේශපාලය කිරිම මට ඡන්දය දුන් ජනතාවටත් පක්ෂයටත් නායකයින්ටත් කරන අගෞරවයක් කියල හිතනවා.
එනිසා කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මේ රත්තරන් දේශපාලනයෙන් ඉවත් විමට තිරණය කලා.
යම්කිසි කෙනෙක් හිතයි මම මේ චෝදනාවට බයේ ඉල්ලා අස් වෙනව කියලා.මේ චෝදනාව මට එල්ල කරපු අභුත චෝදනාවක්.චෝදනාව මා පිළිගන්නේ නැහැ.මටත් ඉන්නේ දූලා. ඒ අය පාරෙ බැහැල යන්න ඕනෑ.මම කව්ද කියල මගේ බිරිඳ දන්නවා.ළමයි දන්නවා.දෙමව් පියන් දන්නවා.අධිකරණය ස්වාධිනයි.එනිසා මා දරණ සියලුම තනතුරුවලින් ඉල්ලා අස් වෙලා අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දෙනවා.
මම දේශපාලනයට ඇවිල්ල සියලු සේසතම දන්දුන් කෙනෙක්.මුලු ජිවිතයම දේශපාලනයට කැප කලා.මේක මගේ තනි තින්දුවක්.අධිකරණයෙන් නිදොස් කොට නිදහස්වු පසු දේශපාලනයට එනවා.මට සහාය දුන් සියලුම දෙනාට ස්තුතිය පල කරනවා“

popular news
-
Weliweriye dil Monday, 18 March 2019 11:07 AM
මුහුනෙන්ම පේනවා හොරෙක් කියලා . සුදනා වගේ කතා කරන හැටි විතරක් . පොහොට්ටුවේ උන්නේ ඉතින් . ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 0 2
Nandana Monday, 18 March 2019 11:28 AM
ලොකු දෙයක් ඒ පඩියත් රටේ සංවර්දනයට ,
Reply : 0 1
rocky Monday, 18 March 2019 01:32 PM
නන්දන ළමයෝ, ඔයාට වැරදිලා. ඔයපොහොට්ටුවා දේශපාලනෙන් අයින් වුනා කියලා කීවාට, ඒ හිස් තැනට ඔහුගේම ගැහැණු සතා නැත් නම් වෙන සිපයියෙක් පත් වේවි. කෙල්ලන් එකසිය එකක් දූෂණේ කරලා සාරුවාගේ රකොර්ඩ් එක කඩාපු දවසට ගෝටලා මහින්දලාගේ ප්‍රදානත්වයෙන් කාල්ටොන් එකේ සම්මාන ප්‍රදානෝත්සවයක් මහා ඉහලින් පවත්වාවි!. ගෝටා ජනාධිපති වෙච්ච් දාට මුන්ට ලයිසොන් එකක් හම්බුවෙන්නත් පුළුවනි, හිතේ හැටියට වැඩ දෙන්න!
Reply : 0 2
Champa Monday, 18 March 2019 02:37 PM
ඔක්කොම අපරාධකාරයෝ අන්තිමට බබ්බු. අර මිනිස්සු අහිංසක නිසා "කළු ගහේ ඔලුව ගහගන්න බැරි නිසා" අන්තිමට මේකත් ඇදී ඇදී යයි. අන්තිම නින්දිත ක්‍රියාවක් කලේ. උසාවියේ නඩුවක් තියෙනවලු. හරියට මේ උසාවිය නිකම් නඩු දැම්ම වගේ. ලංකාවේ දරුවන්ට සහ කාන්තාවන්ට අතවර කරන්න මිනිස්සු බය නැත්තේ නෙතිය ලිහිල් නිසා. ඇප ලැබෙන නිසා. මේ දේවාලේ ගිනිබත් කරන්න තිබ්බේ දෙයියන්ටත් තරු වීසි වෙන්න. දේවාලයක් දාගෙන තනිකර බොරුවක් කරලා තියෙන්නේ. මේකටම වෙන්න ඇති දේවාලේ දාගන්න ඇත්තේ. තව කී දෙනෙක්ට මෙහෙම කරලද දන්නේ නැහැ. සමාජයේ ගැරහුමට, පිරිමින්ගේම ගැරහුමට ලක් වෙන නිසා හුඟක් කාන්තාවෝ සිද්ධ වෙන දේවල් කියන්නේ නැහැ. වැඩුණු ගැහැනුන්ටත් අමාරු දේවල් හැඩිදැඩි පිරිමි කිරි දරුවන්ට කරන එක මිනිස්කමටත් නිගාවක්. මේ වගේ මිනිස්සුන්ගේ නළලට පිස්තොලේ තියල තමයි බබා පාට් එකේ හරි වැරැද්ද කියා දෙන්න ඕනේ. ලංකාවේ හුගක් පළාත් සභා ප්‍රාදේශීය සභා වල මේ වගේ චරිත ඉන්නවා. අනිත් පැත්තෙන් දේශපාලන බලය පෙන්නලා ගම්මුන්ව බය කරගෙන ඉන්නව. පළාත් සභා ප්‍රාදේශීය සභා දෙකම අහෝසි කරලා දාන්න මේකත් හේතුවක්. මේක මුලින් දාපු වෙලාවේ දාපු comments කැපුන. ඒ හින්ද mild එකක් දැම්මේ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

