දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක යෙදී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සඳහා ගිරිඋල්ල, මීගමුව, කුරුණෑගල මාර්ග 34 හි ගමන් කරන පෞද්ගලික බස්රථ 35කට ආසන්න සංඛ්‍යාවක් අද 03 සියලුම ගමන්වාර වලින් ඉවත්වී ඇති බව ගිරිඋල්ල මීගමුව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්මක නිශාන්ත මහතා පැවසීය.
මෙම මාර්ගයේ ගමන්ගන්නා බස්රථ මේ වනවිට මීගමුව ප්‍රධාන බස්නැවතුම්පොළට ඇතුලත් නොකරන බවත් ඇතැම් බස්රථවල රිෂාඩ් බදුර්දීන් , හිස්බුල්ලා අසාද්සාලි යන දේශපාලනඥයන් වහා රජයෙන් ඉවත් කරනු යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබුණි.