උපවාසයක නිරත පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පළ කිරීම සදහා මීගමුව නගරයෙන් ගමන් ආරමභ කෙරෙන සියලූම පෞද්ගලික බස් සේවකයින් හා නගරයේ ත්රිරෝද රථ ධාවනය කරන පිරිස් අද (3දා) උදේ 7.00 සිට මීගමුව ප්රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරතවිය.
මේ හේතුවෙන් මීගමුව නගරයෙන් ගමන් ආරම්භ කෙරෙන සියලූම බස් රථ ධාවනට ඇණ හිටි අතර දුර බැහැර නගරවලින් මීගමුව බලා පැමිණි බස් රථ මගීන් රහිතව ආපසු පිටත්ව යනු ලැබීය. අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ සේවක පිරිස්ද මේ සඳහා එක්ව සිටියහ.
අසාද් සාලි, හිස්බුල්ලා, රිෂාඩ් වහා ඉවත් කරනු, රට බේරා ගැනීමට මීගමුව ජනතාව පෙරට ආදි වැකි සඳහන් පුවරු පිරිස අතවිය. වෙනත් දුර බස් ගමන් සේවා පමණක් මීගමුව නගරය හරහා ගමන් කරනු ලැබීය.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
