රට අස්ථාවර වුණේ දේශපාලන කුමන්ත්රණයක් නිසයි
මේ වන විට රට අස්ථාව වී ඇති බවත් ඒ සඳහා දේශපාලන කුමන්ත්රණය හේතු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ප්රකාශයක් කරමින් පැවැසීය.
“රට ස්ථාවර වී තිබෙනවා. ආර්ථිකය දැඩි කඩාවැටීමකට ලක්ව තිබෙනවා. මෙ අස්ථාවර භාවය දේශපාලන කුමන්ත්රණයක ප්රතිඵලයක්. මේ දේශපාලන කුමන්ත්රණය ඇතිවුණේ ඔක්තෝබර් 26 දායි.
එක මහ මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව ඊළඟ මහ මැතිවරණය සඳහා ආණ්ඩුවක් පත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් තිබෙනවා.
කුමන්ත්රණකාරී ආණ්ඩුපෙරළීම් පිළිගන්නේ නෑ. ආණ්ඩු පෙරළීමේ සියලු ප්රජාතන්ත්රවාදී ක්රම තිබෙනවා. මේවැනි කුමන්ත්රණකාරී ආණ්ඩු පෙරළීමෙන් ලේ ගංඟා බවට පත්වෙනවා. පළමු පාර මේ ලේ ගංඟාව ඇතිනොවුණත් දෙවැනි පාර එය සිදුවීමට ඉඩ තිබෙනවා.
මේ කුමන්ත්රණය වූ සිදුවූ අවස්ථාවේ සිටම දේශපාලන කුමන්ත්රණය පරාජය කළ යුතුයි කියන තැන අපි හිටියා. මේ අශිෂ්ඨ දේශපාලනය ශිෂ්ඨත්වයට පත් කිරීමේ අරගලයක් තිබෙනවා. එයට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

