රටේ නායකයින්ගේ දරුවෝ ගෙදර තියන් අනිත් දරුවන්ට පාසල් යන්න කියනවා - මහින්ද
දරුවන්ට පාසල් යා හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම රජය සතුයි. ඒ සඳහා දෙමවුපියන් තුල විශ්වාසය ගොඩනැගිය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද ( 13) පෙරවරුවේ නාරාහෙන්පිට අභයාරාම පුරාණ විහාරයේ පැවති ජාත්‍යන්තර හෙද දින සැමරුම උත්සවයේදී එතුමා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂනායකවරයා,
“අද පාරවල් පාලු වෙලා. මම හිතුවේ නැහැ මෙතරම් පිරිසක් මෙම උත්සවයට ඒවි කියලා. අපේ දරුවන් පාසල් යවන්න කියලා රජය ඉල්ලීමක් කලා පසුගිය දවස්වල. නමුත් ඒ ඉල්ලීමට ජනතාව ප්‍රතිචාර දැක්වූයේ නැහැ. අදත් පාසල් යවන්න කියලා ඉල්ලීමක් කර නිබෙනවා. අදත් ජනතාවගේ ප්‍රතිචාරය එහෙම්මයි.
ඇයි නායිකයින්ගේ දරුවෝ, මුණුපුරුමිණිපිරියෝ පාසල්වලට යවන්නේ නැතිව ගෙදර තියාගෙන මේ රටේ ජනතාවගේ ළමයින්ට පාසල් යන්න කියලා කිව්වම සැකයක් ජනතාව තුල ඇති වෙනවා. ජනතාව එම සැකය තිබෙන නිසා තමයි දරුවන් අදත් පාසැල් එවන්නේ නැත්තේ. මේ සැක බිය එදාටත් වඩා වැඩිය අද තිබෙනවා.
එදා උතුරු නැගෙනහිර යුද්ධයක් තිබුණා. LTTE ය උතුරු නැනෙහිර ඔවුන්ට රාජ්‍යයක් හදා ගැනීමට සටන් කළා. අද සටන් කරන්නේ ඒකට නෙවෙයි. අන්තවාදීව වැළඳගත් විශ්වාසයක් ඇතිව ඒ සඳහා ඔවුන් සටන් කරන්නේ. අද අන්තවාදීන් වැඩියි. ත්‍රස්තවාදින් ටිකයි ඉන්නේ. අන්තවාදින් තමයි ත්‍රස්තවාදය කෙරෙහි මිනිසුන් යොමු කරන්නේ. ඒ නිසා මේ අන්තවාදය නැතිකිරීම සඳහා පියවර ගැනිමයි අප කාගේත් වගකීම.
මේ අන්තවාදය නැතිකල හැක්කේ සිංහල බෞද්ධයාට නොවෙයි. සිංහල කතෝලිකයින්ට නොවෙයි. හින්දු භක්තිකයින්ටද නොවෙයි. ඒක කළ හැක්කේ මුස්ලිම් ආගමික නායකයින්ට, ඒ ආගමික නායකයින් ඒ සඳහා පියවර ගැනීම වඩා වැදගත් වෙනවා.
අද වැරදි අර්ථකතන දෙමින් ඒ ආගමට විතරක් නෙවෙයි අවුරුදු 1000ට වැඩි කාලයක් තිබුන මුස්ලිම් සංස්කෘතියට එක් බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරමින් රටතුල ඒ සම්බන්ධතාවය පළුඳු කිරීමට මෙම ත්රස්තවාදීන් කටයුතු කළා. අපි මේක අවබෝධ කර ගත යුතුයි. මුළු මුස්ලිම් ජනතාවම ත්රස්තවාදීන් නොවෙයි. මේ ඉන් සුළු ත්රස්තවාදීන් පිරිස නැතිකිරීමට අපි පියවර ගත යුතුයි” ඔහු වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි

popular news
-
shan Tuesday, 14 May 2019 10:45 AM
ඔවු අප්‍රියල් 21 කලෙත් උබලගේ උන් ගෙවල් වල තියාගන රටේ ජනතාව මරපු එකනේ අදත් එකම කරනවා බලය ගන්න රනිල්ව එලවන්න චන්දෙ එක්මනින් තියා ගන්න මේ සරම කරන්නේ එක රටම දන්නවා පාසල් පටන් ගන්න ආරක්ෂාව නැහැ කියනවා කියපන්කො චන්දෙ තියන්නැ තරම් රටේ ආරක්ෂිත නැහැ කියල ඇයි එක කියන නැත්තේ රටේ මේ සිදුඋන විනාසෙට උබල මුලින්ම වගකිවයුතුය මේවා කලේ උබල හා මයිත්‍රී එකතුවෙලා රජය පෙරලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

