රටේ නායකයා ගොවියෙකුගේ පුතෙක් නිසා ගොවිතැනට වැඩක් වෙයි කියලා හිතුවා
මෙවර මාස්කන්නය ආරම්භව තිබුණත් පවතින බිත්තර වී හිගයට ගොවිජන සේවා හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් නොවිම නිසා එය දඩමිමා කර ගනිමින් කඑකඩ හිමියෝ ප්‍රමිතියෙන් තොර කිසිදු වගකිමක් නොමැතිව බිත්තර වී අධික මිළ ගනන් වලට අලෙවි කරමින් ගොවි ජනතාව කබලෙන් ලිපට ඇද දමමින් තිබෙන බව ප්‍රගතිශිලි ගොවි ජනසම්මේලනයේ සභාපති එම් කේ ජයතිස්ස ගොවි මහතා පවසයි..
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ-මේ රටේ ප්‍රධාන ජිවනපාය කෘෂිකර්මාන්තය වුනත් එය දියුණු කිරිමට කිසිදු රජයක් මැදිහත් නොවිම නිසා මේ වන විට රට පෙරදිග ධාන්‍යාගාරය නමින් ප්‍රචලිතව තිබු ශි‍්‍ර ලංකාව අද රටට අවශ්‍ය සහල් ඉල්ලා හිගාකන මට්ටමකට පත්ව ඇති බවයි.
අපේ රටේ කෘෂිකර්මාන්තයට කිසිදු තැනක් නැ අඩුම ගානේ අපි බලාපොරොත්තු වුනා රටේ නායකයා ගොවියෙකුගේ පුතෙක් වුන නිසාවත් ගොවිතැනට වැඩක් වෙයි කියලා අවසානේ වැඩක් වුනා ඒ අයට. වසර ගණනාවක සිට බොරු කිය කියා පත්වෙන දෙශපාලකයන්ට කියන්න කැමැතියි නැවත ගොවියා මොඩයා කරන්නවත් රවට්ටන්නවත් බැරි බවත් ඉදිරියේ දි ගොවි අයිතිවාසිකම් ඉල්ලා රටේ සියලු ගොවිජනතාව එකරාශි වි අරගල කර හෝ අයිතිවාසිකම් ලබා ගැනිමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් කිය.


popular news
-
rocky Thursday, 22 November 2018 07:30 AM
දැන් කාලේ, වී වපුරනවට වඩා ප්‍රති ලාභ සහිතයි කුඹුරු වලින් මඩ නිෂ්පාදනය කරන එක. මී හරක් දාලා ඔය කුඹුරු හොඳට මඩවලා ජාතික ව්‍යාපාරයක් වශයෙන් ඉස්තරම් මඩ සංවර්ධන ව්‍යාපෘතියක් දියත්කිරීම කාලෝචිතයි. එහෙම නොකලොත් ඉදිරි කාලයේදී අපේ මඩ ක්‍රීඩා සඳහා පිටරටින් මඩ ආනයනය කරන්න සිදුවේවි! මේ කරුණ කෙරෙහි, ගරු මිරිස්කුඩු සහ මඩ කටයුතු පිලිබඳ ඇමති තුමාගේ සැලකිල්ල යොමු වේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

