රටේ තියෙන ප්‍රශ්න රාජිතවත් ජාතික ගිය දෙමළෙන් ගායනා නොකිරිමවත් නොවේ
මේ වනවිට ලංකාවේ ලොකුම ප්රශ්නය වි ඇත්තේ දකුණේ ජනතාවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම හා උතුරේ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොමැති වීමත් රටට වෙනත් කිසිදු ප්‍රශ්නයක් නොමැති විම කනගාටුවට කරුණක් බව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (29) දින යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදි සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“රටේ ජනතාවගේ රුපියල් කෝටි ගණනක් මුදල් වියදම් කරමින් රටට ජනාධිපතිවරයෙක් පත්කරගන්නා ලද්දේ මෙවැනි විහිලු කතා ඇසීමටවත් දැකීමටවත් නොවන බව සියලු දෙනා තේරුමගත යුතුයි
උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව ගැන කිසිවක් නොදන්න විදේශිකයෙකු ලංකාවේ පළවන ප්රවෘත්ති නැරඹුවහොත් ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානම ප්‍රශ්න දෙක වි ඇත්තේ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමත් දෙමළ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවස්ථාවක් නොමැති වීමත් යන කාරණා දෙක පිළිබඳව පමණක් බවයි.
නමුත් රටේ ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න දහසකුත් දේ ඇති බවටත් අඩුම වශයෙන් ජනාධිපතිවරයා හෝ එය තේරුම්ගත යුතු අතර සිංහල ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න මෙන්ම දෙමළ ජනතාවටද විසඳාගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනා බැවින් එම ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් පසුගිය රජයෙන් නිශ්පල අවුරුදු පහක් ගෙව්වා සේ වත්මන් රජයටද එවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇති බවටත්ය.

popular news
-
Bandula. Monday, 30 December 2019 05:09 PM
මෙතුමා කියන කතාවනම් සම්පුර්ණ ඇත්ත, රටේ මිනිසුන්ට දහසක් ප්‍රශ්න, මේ කාලකන්නි ගැන නොකිය උන්ට දඩුවම් දෙන්න, එක රටට කරන ලොකු සේවයක්, එත් ඉන් එහාට හිතලා අනාගතේට, යහපත් දෙයක් කරන්න නිකන් මේ කාලක්නීන් ගැන කතා නොකර.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

