රටවල් 24ක සංචාරකයන්ට On Arrival Visa
යුරෝපා සංගමයේ රටවල් ඇතුළු තවත් රටවල් 24ක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා 'පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා' (On Arrival Visa) නිකුත් කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.
සංචාරක ක්ෂේත්රය වර්ධනය කිරීමේ අරමුණෙන් මීට පෙර යුරෝපා සංගමය ඇතුළු රටවල් 14ක් සඳහා 'පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා' (On Arrival Visa) නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් සිදුකිරීමට කැබිනට් අනුමැති හිමිව තිබුණද, පාස්කු ප්‍රහාරය හේතුවෙන් එය අත්හිටු වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ වනවිට ශ්‍රී ලංකාව යථාතත්ත්වයට පැමිණ ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා 'පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා' (On Arrival Visa) නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව ඇති අතර, එහිදී එම පහසුකම ලබාදෙන රටවල් ප්‍රමාණය වැඩි කිරීමටද අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව තායිලන්තය, යුරෝපා සංගමය එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටලන්තය, කාම්බෝජය, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, අයිස්ලන්තය, පිලිපීනය, රැසියාව, චීනය, ඉන්දියාව යන රටවල් සඳහා &පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා* (On Arrival Visa) නිකුත් කිරීමට නියමිතය.

popular news
-
Champa Thursday, 25 July 2019 04:20 PM
මේ මෝඩ වැඩේට සම්පූරණ විරෝධය පල කරනවා. පාස්කු ප්‍රහාරය මෙහෙම නිදහසක් දෙන්න උපයෝගී කරගන්න අඳබාලයෝ රටට එන්නේ මොක්කුද කියල ඉස්සෙල්ල හිතන්න ඕනේ. ලංකාවට එන්න ඉන්න සංචාරකයන්ට visa අවහිරකමක් නෙමෙයි. මේකෙන් ප්‍රයෝජන ගන්නේ වෙනත් පිරිස්. ආගමන විගමන් නීති විදේශ විනිමය නීති ලිහිල් කරපු එකේ භයානක ප්‍රතිඵල වින්දට පස්සෙත් තවත් ඒකටම පාර කපන රටට මොනවා වුනත් තමන්ට මුදල් ලැබෙනවානම් ඕන නීතියක් ඉවත් කරන ආත්මාර්ථකාමී දේශපාලකයන්ගේ ආණ්ඩුවක් හැදුව සිංහලයන්ටයි මඩු වලිගෙන් තලන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

