රටට එරෙහි සියලු බලවේග පරාජය කිරිමට පොදුජන පෙරමුණ සුදානම් - බැසිල්
පරිසර හිතකාමී ,දේශීයත්වයට සරිලන මැතිවරණ ව්‍යාපාරයක යෙදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ විපක්ෂය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය
ඒ මහතා මෙසේ සඳහන් කළේ ඊයේ කටුනායක පැවති දේශපාලන ක්රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමිනි.
සැප්තැම්බර් මස 10 වැනිදා දිනයෙන් පසුව මැතිවරණ කොමිසමට , ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීම සඳහා නීත්‍යානුකූලව බලය හිමිවන බවද එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ව ඇති ආකාරයට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වටපිටාව සැකසීමට නම් මැතිවරණ කොමිසම හැකි ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
නියමිත දින වකවානුවලට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසම පියවර ගනු ඇතැ යි විශ්වාස කරන බවද කී ඒ මහතා ජනතාවට ඉඩම් හා විවිධ බඩු මුට්ටු බෙදා දීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ පරිසරය විනාශ කර දැමීම වැළැක්වීමට එමගින් හැකියාව ලැබෙන බව ද පෙන්වා දුන්නේ ය.
මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති හෙයින් හා ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින බැවින් රටට එරෙහි බලවේග සියල්ල පරාජය කිරිමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයි ද එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයින් රැසක් සහභාගි වී සිටියහ.

popular news
-
ranjith Monday, 09 September 2019 12:14 PM
මට හිතෙන හෙටියට UNP ,SLFP පොහොට්ටු තුනේම වෙනසක් නෙහ මේ මන්ත්‍රී වරු මේ පක්ස තුන අතරේ නිදහසේ මාරු වෙනවා හොරකම් කරන්න komis Gahanna කරපු හොරකම් වෙලින් බේරෙන්න අර සරත් ෆොන්සේකා බොරු චෝදනා දම පලිගැනීම සඳහා හිර ගෙදරට අරිය මිස කවදාවත් මොන ආණ්ඩුව තිබුනත් අනිකට දඬුවම් කරන්නේ නෙහ පන්ති සයෝගිතාවය Weerawansa හොර පස්ස්පෝර්ට් එකෙන් අහුඋන වෙලාව Ranil eyava bera gattha heti Sarala උදාහරණයක් Wimal පන්තියට අයත් නෙති උනත් එය ධනපන්තියේ ආදර කටුකන බලු කුක්කෙක් එම බලු කුක්කෝ නෙතිව රනිල් ට මහින්ද Sirisena vage ayata pavathinna amarui
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

