රජයේ සේවකයෝ ඉන්නේ දේශපාලනඥයෝ කියන දේ කරන්නම තමයි
ස්වාධීන යැයි දෙයක් ලෝකයේ නොමැති බවත්, මිනිසුන් උපතින්ම පාටකට, ජාතියකට, ගෝත්‍රයකට ආදී කුමන හෝ දෙයකට අයත් අතර ස්වාධීනයන වචනය යොදන්නේ බංකොළොත් නිසා යැයිද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
අනුරාධපුර, ඉපලෝගම කඩියන්ගල්ල ග්‍රාමනිලධාරී වසමේ නිල සෙවණ කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
"රජයේ සේවකයන් රජයේ ප්‍රථිපත්ති ක්‍රියාවට නැංවිය යුතුයි.සමහර අය පරණ පුරුද්දට තාමත් එක එක ඒවා කරනවා, එහෙම කරන්න බෑ. නීතියෙනුත් බෑ. එහෙම කරන්නත් එපා.දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51-52 වගන්තිවල කියලා තියෙනවා ආණ්ඩුවක් පත්වුණාම ජනාධිපතිවරයා අමාත්‍යාංශවලට ලේකම්වරයෙක් පත් කරනු ඇත, පත් වුණ ලේකම්වරයාගේ රාජකාරිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ විෂය භාර අමාත්‍යයවරයා දෙනු ලබන නියෝග තමන්ගේ නිළධාරීන් ලවා ඉෂ්ට කර විය යුතුයි කියලා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමගාමීව ලියලා තියෙනවා ආයතන සංග්‍රහයත්.රජයේ කටයුතු පැහැර හැරියොත් දඬුවම් ලැබිය හැකි වරදකි. සමහර රජයේ අය කියනවා අපි ඉන්නේ දේශපාලඥයෝ කියන ඒවා කරන්න නෙමෙයි කියලා, ඉන්නෙම දේශපාලඥයෝ කියන ඒවා කරන්නම තමයි.මිනිස්සු ලෝකයේ එක එක වචන හදා ගන්නවා.
සමහරු කියනවා ස්වාධීනයි කියලා.කොන්ද පණ නැති මිනිස්සු තමයි ස්වාධීනයි කියන්නේ.ස්වාධීන කියලා එකක් ලෝකයේ නෑ. උප්පත්තියෙන්ම පාටකට, ජාතියකට, ගෝත්‍රයකට කුමන හෝ දේකට අයිති වෙනවා. ස්වාධීනයි කියන වචනය දාගන්නේම බංකොළොත් නිසයි" යැයි ද පවසා සිටියේය.
තිසර සමල්

popular news
-
කෝලිත Wednesday, 15 August 2018 08:22 PM
රටෙි ජනතාව රජයක් පත්කරන්නේ තමන්ගෙ දේවල් ඉටු කරගන්න..චන්ද පොරොන්දු කියන්නෙ.ඒ පොදු ජනතාවගෙ බලාපොරොත්තු... ඒ පොරොන්දු පොදිය කරගහගෙන චන්දෙ හිගාකන කෙනා තමයි දේස පාලකය කියන්නෙ...මෙන්න මෙිකට මුල අමතක වෙලා.....
Reply : 0 0
සෙනෙවි Thursday, 16 August 2018 04:47 PM
දේශපාලනඥයින් ආයතන සංග්‍රහයට හෝ මුදල් රෙගුලාසිවලට පටහැනිව දෙන නියෝග ක්‍රියාතමක කිරීම ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය සෙවකයා බැඳි සිටී .පහුගිය කාලේ වැරදි නියෝග ක්‍රියාතමක කල රජයේ සේවකයින් FCID පරීක්ෂණ වලින් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගතවී ඇති බව මොහු දන්නේ නැද්ද ?මොහු මෝඩයෙක් බව ප්‍රකාශ වලින් තහවුරුවේ .
Reply : 0 115
rocky Friday, 17 August 2018 06:23 PM
කිසිම රජයේ සේවකයෙක් දේශ පාලුවන්ට උවමනා විදිහට නැටිය යුතු නැත! රාජ්‍ය සේවකයන් අල්ලේ නටවන්නට සැරසෙන අමන දේශපාලුවන්ට බිය විය යුතු නැත. ආයතන සංග්‍රහය තිබේ. දෙපාර්තමේන්තු රෙගුලාසි සහ මුල්‍ය රෙගුලාසි තිබේ. තිබේ. රාජ්‍ය සේවකයා අනු ගමනය කල යුත්තේ ඒවාය! දේශපාලුවන්ට උවමන්න හැටියට නටන්න ගියොත් "කෙළවුණ කලට කවුරුත් නැත තමන් මිස"!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

