රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි
තිස්සමහාරාමයේ නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකිම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් සිදුවු මරණයක් බව විවිධ දේශපාලනඥයන් විසින් තවදුරටත් පවසනවා නම් ලබන සඳුදා සිට රටපුරා සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් සියලු රාජකාරිවලින් ඉවත් වි වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනිමට කටයුතු කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද (20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
එම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් මෙසේ පැවසීය ,
තිස්සමහාරාම සෞඛ්‍ය නිලධාරි කාර්යාලයට අයත් නැදිගම්විල ගම්මානයේ පදිංචි ගයත්ත්‍රි ඉන්දිකා කියන මවගේ වයස මාස 11ක් වු දරැවා මිය යෑම සම්බන්ධයෙන් එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නිලධාරිනියට විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමා ගැනිම සඳහා චෝදනා එල්ල කරමින් පවතිනවා.
එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් ඒ මව ගැබ් ගත් අවස්ථාවේ සිට දරුවා ප්‍රසුත කිරිමෙන් පසු දක්වා තම රාජකාරිය නිසි ලෙස සිදුකර තිබෙනවා.
නමුත් මේ දේශපාලනඥයෝ විසින් තම තමන්ගේ ගොඩ වැඩිකර ගැනිමටත් ලකුණු දමා ගැනිම සඳහා එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවිකාවට සහ එම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දිගින් දිගටම චෝදනා එල්ල කර සිටිනවා. මෙහි වගකිම සෑම ගමකම සිටිනවා රජයේ නිලධාරිවරු 6 දෙනෙකු මේ මියගිය දරුවාට සහ පවුලට අවශ්‍ය ආහාර ලබා දිම හෝ ලබා ගැනිමට කටයුතු කිරිම ඒ අයගේ වගකිමක්.
මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් නොකර අපට චෝදනා එල්ල කිරිම කිසිසෙත් පිළිගත නොහැකියි. අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් සිදු කර තිබියදි අප වෙත දිගින් දිගටම චෝදනා එල්ල කරනවා නම් අප විසින් කිසිදු පැකිලිමකින් තොරව සියලු රාජකාරි වලින් ඉවත් ලබන සඳුදා සිටම මුඵ දිවයින පුරාම වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනිමට කටයුතු කරන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් පැවසීය.

popular news
-
dilal Thursday, 20 June 2019 09:24 PM
මේ දරුවාගේ මරණයට සම්පුර්ණයෙන්ම වගකිව යුත්තේ දරුවාගේ මව සහ පියා.මාස 11කියංනෙ මව් කිරි බොන වයස.මවට කිරි නැත්නම් හාල් මිටක් සොයා කැඳ උයා මේ දරුවට පොවන්න තිබුනේ නැද්ද .මන්දපෝෂණයෙන් දරුවෙක් මියයන්නේ නැහැ.මේ දරුවා මියයන්න ඇත්තේ ආහාර නොලැබීම නිසයි.මේ සම්බන්දව දරුවාගේ දෙමාපියන්ට විරුද්දව කටයුතුකරනවා මිසක් දෙමාපියන්ගේ නොසැලකිල්ලට වෙනත් කිසිම අංශයකට දොස් පැවරීම අසදාරණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

