“රංජන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙන නමුත්, නීතිය වෙනස් කිරිමට අයිතියක් නෑ” යනුවෙන් හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමති, කඳුරට ජනතා පෙරමුණේ නායක වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
මන්ත්‍රිවරයා එසේ පැවසුවේ, ඊයේ (25) දා හැටන් නගරයේ කඳුරට ජනතා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ මධ්‍යම කාරක සභා හා දේශපාලන මණ්ඩල රැස්විම් අවසානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
“මේ රටේ නීතිය ස්වාධිනව තිබිය යුතුයි. එය තමයි ජනතාවගේද බලාපොරොත්තුව වන්නේ. එවන් අවස්ථාවක කිසියම් මන්ත්‍රිවරයෙක් හෝ පුද්ගලයෙක් නීතියේ ක්‍රියාත්මක විම වෙනස් කිරිමට කටයුතු කර තිබෙනවානම් එය වැරදි ක්‍රියාවක් බව සියලුම ජනතාවගේ හැඟීම වි තිබෙනවා. රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා එවැනි කටයුත්තක් කර තිබේ නම් ඉදිරියේ දී නැවත එවැනි කටයුතු සිදු නොවිමට කටයුතු කළ යුතු බව තමයි මාගේද අදහස.
එසේම රන්ජන් රාමනායක ගේ හැසිරීම පිළිබඳව රටේ සියලු ජනතාව දැනුවත්. පාර්ලිමේන්තුවට දුරකථන ඇමතුම් සහිත සංයුක්ත තැටි ලබා දෙන බව පැවසුවත් ලබා නොදුන් බව තමයි අපටත් අනාවරණය වුනේ . කෙසේ වෙතත් ඒ සම්බන්ධව පරික්ෂණ ක්‍රියාත්මකයි.
එමෙන්ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා හිටපු ඇමති, කඳුරට ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි වේලුසාමි රාධාක්‍රිෂ්ණන් හා බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයේ දේශපාලන අංශයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර යන මහත්වරුන් ඉදිරිපත් කරමින් දමිළ ප්‍රගතිශිලි පෙරමුණ වශයෙන් එක්ව කටයුතු කරන බවද එම පක්ෂයේ මහලේකම් ඒ .ලෝරන්ස් මහතා මෙහිදී පැවසීය.
මස්කෙළිය - ගාමිණි බණ්ඩාර
